Friday, December 31, 2021
Tuesday, December 28, 2021
Saturday, December 25, 2021
Wednesday, December 22, 2021
Light Dimmer Circuit...
සුත්‍රිකා විදුලිපන් වල ආලෝකය අඩු වැඩි කල හැකි ඩිමර් පරිපථයක් අද ඉදිරිපත් කරනවා. මෙහො Q1 ලෙස ඇත්තේ BT 136 ට්‍රයැක් උපාංගයක් වන අතර, D1 ලෙස ඇත්තේ,DB3 ඩියැක් උපාංගයකි. VR1 ලෙස ඇත්තේ,500K Variable රෙසිස්ටරයකි. එමගින් බල්බයේ ආලෝකය අඩු වැඩි කල හැක. මෙම පරිපථයේ උපාංග ලැයිස්තුවද පහතින් ඉදිරිපත් කර ඇත.
Parts List
R1 10kΩ 0.5W
| R2 | 100Ω 0.5W | |||||
| VR1 | 500kΩ Potentiometer | |||||
| C1 | 330n (0.33µF) | |||||
| C2 | 100n (0.1µF) | |||||
| D1 | DB3 Diac | |||||
| Q1 | BT136 Triac | |||||
| L1 | Filament Light |
Monday, December 20, 2021
30w Stereo Power Amplifier එකක සාදමු...
පහතින් ඉදිරිපත්කර තිබෙන්නේ, TDA 4935 IC උපාංගය භාවිතයෙන් නිර්මාණය කරන ලද, වොට් 30 ක ප්‍රබලතාවයකින් යුතු, Stereo Power Amplifier පරිපථයකි. පරිපථය සදහා 24v වෝල්ටීයතාවයක් ලබාදිය යුතු අතර, ස්පීකර් සදහා, ඕම්ස් 4 වොට් 20 ස්පීකර් දෙකක් භාවිතා කලයුතු වනවා. TDA 4935 IC උපාංගය සදහා ඉතා හොද Heat Sink එකක් යෙදිය යුතුයි. පරිපථයේ R3 සහ R4 වශයෙන් ඇත්තේ, Volume Control එක වන අතර, ඒ සදහා පහතින් පෙන්වා ඇති ආකාරයේ, 47K හෝ 50K Stereo Volume Control එකක් භාවිතා කරන්න.
Saturday, December 18, 2021
24w Stereo Amplifier...
පහතින් ඉදිරිපත්කර තිබෙන්නේ, එක චැනල් එකකින් 12w බැගින් චැනල් දෙකෙන් 24w Out Put එකක් ලබා ගත හැකි Stereo Power Amplifier පරිපථයකි. TDA 2616 IC උපාංගය භාවිතා කරමින් නිර්මාණය කර ඇති මෙම පරිපථය අවම උපාංග ගණනකින් සමන්විත වීම විශේෂත්වයක් වනවා. ස්පිකර් දෙක සදහා 15w ස්පිකර් දෙකක් භාවිතා කල හැකි අතර, TDA 2616 IC උපාංගය සදහා Heat Sink එකක් දීම අනිවාර්ය වේ. පරිපථය සදහා ඇම්පියර් 2 ක 12v වෝල්ටීයතාවයක් ලබා දිය යුතු වේ.
Thursday, December 16, 2021
ට්‍රාන්ස්ෆෝමර් නොමැති 12v Power Supply එකක්...
සාමාන්‍යයෙන් Power Supply ගැන කතා කරද්දී අපට නිතැතින්ම මතකයට නැගෙන උපාංගයක් තමයි ට්‍රාන්ස්ෆෝමරය. එකට හේතුව තමයි ඔබ සාදන පරිපතයන්ට මෙන්ම අප එදිනෙද භාවිතා කරන උපකරණ වලට පිටතින් විදුලිය සැපයීම සදහා යොදා ගන්නා External Power Supply සෑම එකකම පාහේ ට්‍රාන්ස්ෆෝමරයක් තිබීම. එම Power Supply වලදී සිදුවෙන්නේ 230v විදුලිය ට්‍රාන්ස්ෆෝමරය මගින් අඩු කර Diode යොදා ඍජුකරණය කර, Condenser එකක් මගින් සුමට කර අදාල උපකරණවලට විදුලිය සැපයීමයි. ඒවාගේම මෙම Power Supply වල උපකරණ වලට විදුලිය සපයන වයර් දෙක අපි අතින් ස්පර්ශකලත් අපට විදුලි සැර වදින්නේ නැහැ. එකට හේතුව තමයි ට්‍රාන්ස්ෆොමරයෙන් විදුලිය අඩු වෙන්නේ විද්‍යුත් ප්‍රේරණය මගින් නිසා.
ඉතින් මම අද ඉදිරිපත් කරන, ට්‍රාන්ස්ෆෝමර් නොමැති 12v Power Supply එක වඩාත් යෝග්‍ය වන්නේ Internal Power Supply එකක් විදියට භාවිතා කිරීමටයි. ඒකට හේතුව තමයි, පරිපථය පුරාම 230v විදුලිය තිබීම. යම්කිසි උපකරණයකට හෝ යම් පරිපතයකට ස්ථිර විදුලි සැපයුමක් සදහා මෙම ට්‍රාන්ස්ෆෝමර් නොමැති 12v Power Supply එක භාවිතා කරන්න පුළුවන්. උදාහරණයක් ලෙස, ඔබ Door Bell (දොර සීනු ) නිෂ්පාදන වියාපාරයක් කරන්නෙක් නම් එම Door Bell පරිපථය ක්‍රියා කරන්නේ 12v වලින් නම් ඔබට මෙම ට්‍රාන්ස්ෆෝමර් නොමැති 12v Power Supply එක සාදා එම Door Bell පරිපථයටම එකතු කරගන්න පුළුවන්.
අවශ්‍ය උපාංග
(1) 100 Ohms 1watt Resistor 01
(2) 220 nf(224) 250v Capacitor 01
(3) 470uf 16v Capacitor 01
(4) IN 4004 Diode 02
(5) 12v 1Watt Zener Diode 02
තවද වාණිජ වශයෙන් යම්කිසි නිෂ්පාදනයක් කරන්නේ නම් ට්‍රාන්ස්ෆෝමර සදහා පිරිවැයක් දැරීමට සිදු නොවීම ඔබට ලොකු වාසියක් වේවි. ඒවගේම ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කරන්නේ නම් ලොකු ඉඩක් අවශ්‍ය වන අතර මෙම පරිපථය ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක සාදා ගත හැකි වීමත් තවත් වාසියක් වනවා.
මෙම Power Supply පරිපථය පුරාම මෙන්ම, මෙම Power Supply පරිපතයෙන් ඔබ විදුලිය සපයන උපකරණ වල ඇති පරිපත පුරාමත් 230v විදුලිය ඇති බැවින් මෙය භාවිතා කිරීමේදී ඉතාම සැලකිලිමත් විය යුතු බව නැවතත් මම ඔබට මතක් කර සිටිමි.
Tuesday, December 14, 2021
50 Watts Mosfet Amplifier Circuit...
අද මම ඔබට ඉදිරිපත් කරන්නේ තවත් 50w Amplifier පරිපථයක්. මෙහි විශේෂත්වය වන්නේ, ට්‍රාන්සිස්ටර් 4 කින් සහ Field Effect ට්‍රාන්සිස්ටර් 2 කින් සමන්විත වීමයි. පරිපථයේ ඇති IRF 530 සහ IRF 9530 Field Effect ට්‍රාන්සිස්ටර් 2 සදහා අනිවාර්යෙන්ම Heat Sink යෙදිය යුතු අතර, C6 සහ C7 ලෙස පෙන්වා ඇති 100uf කන්ඩෙන්සර් දෙක සදහා 50v වලට වැඩි වෝල්ටීයතාවයකින් යුතු කන්ඩෙන්සර් දෙකක් භාවිතා කරන්න. අනෙකුත් සියලුම කන්ඩෙන්සර් 50v වලට වඩා අඩු වුවාට ගැටළුවක් නොවේ. L1 කොයිලය සදහා, 24 SWG කොයිල් කම්බි වලින්, විෂ්කම්බය 1cm වනසේ පොටවල් 12 ක් ඔතා ගන්න. පරිපථය සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය 35v වන අතර, ස්පීකරය සදහා 50w වලට වඩා වැඩි ඕම්ස් 8 ස්පීකරයක් භාවිතා කරන්න.
Sunday, December 12, 2021
Friday, December 10, 2021
Sound Operated Dancing Led Circuit for DJ Music...
පහතින් ඉදිරිපත්කර තිබෙන්නේ, ශබ්දය අනුව දැල්වෙන තවත් Led පරිපථයක්. මෙහි ඇති Condenser Mic එකෙන් ලබාදෙන ශබ්දය අනුව පරිපථයේ ඇති Led බල්බ තාලයට දැල්වෙනවා. මෙම පරිපථය ඔබට ඉතා හුරු පුරුදු BC 547 ට්‍රාන්සිස්ටර් 5 කින් සමන්විත වන අතර පරිපථය ක්‍රියාත්මක කිරීම සදහා 9v වෝල්ටීයතාවයක් ලබාදිය යුතු වනවා. Condenser Mic එක ඇති ස්ථානයට Audio Signal එකක් ලබා දුන් විටද පරිපථයේ ඇති Led බල්බ 4 තාලයට දැල්වෙන අතර, Led බල්බ හතර වෙනුවට එම ස්ථානයට 9v හෝ 6v රිලේ උපාංග හතරක් සවි කර 230v බල්බ වුවද ශබ්දයේ තලයට දැල්වී හැකියි. රිලේ උපාංග හතරක් සවි කර 230v බල්බ දැල්විය හැකි ආකාරයට මෙම පරිපථය සාදාගතහොත් DJ Music සදහා වුවද මෙම පරිපථය භාවිතා කල හැක.
Wednesday, December 8, 2021
2 way Switch වයරින් පරිපථය...
අද මම ඔයාලාට අරගෙන ආවේ,නිවාස සහ ගොඩනැගිලි වයරින් කිරීමේදී බහුලව භාවිතා කරන පරිපථයක්.මෙම 2 way Switch වයරින් පරිපථය,තරප්පු පෙළවල් ආශ්‍රිතව බහුල වශයෙන්ම භාවිතා කරනු ලබයි.එනම් යම් කෙනෙකු තරප්පු පෙළ නැගීමට යාමේදී අසල ඇති ස්විචයෙන් ,තරප්පු පෙලේ බල්බය දල්වා ගන්න අතර,ඔහු එම තරප්පු පෙළ නැග අවසන් වූ පසු ඒ අසල ඇති ස්විචයෙන් එම බල්බය නිවා දමයි. ඉන් පසු නැවතත් ඔහු තරප්පු පෙළ බැසිමේදී අසල ඇති ස්විචයෙන් ,තරප්පු පෙලේ බල්බය දල්වා ගන්න අතර,ඔහු එම තරප්පු පෙළ බැස අවසන් වූ පසු ඒ අසල ඇති ස්විචයෙන් එම බල්බය නිවා දමයි.
මේ ආකාරයට 2 way Switch වයරින් පරිපථය යොදා ගත හැකි තවත් ස්ථානයක් වන්නේ අපගේ නිදන කාමරයයි.එනම්, කාමරයට ඇතුළුවීමේදී,කාමරයේ දොර අසල ඇති ස්විචයෙන් නිදන කාමරයේ බල්බය දල්වා ගන්න අතර ඇද අසල ඇති ස්විචයෙන් එම බල්බය නිවා දැමිය හැක. මේ අනුව මෙම පරිපථය අපගේ නිවාස හෝ ගොඩනැගිලි තුලත් සහ ඉන් පිටතත් විවිධ ස්ථානයන්හි යොදා ගත හැකි බව දැන් ඔබට වැටහෙනු ඇත.
ඉතින් මේ සදහා ඔබට අවශ්‍ය වන්නේ 2 Way Switch දෙකක් තමයි. 2 Way Switch එකකට වයර් 3 ක් සවි වනවා. එම වයර් 3 සවි කරන ස්ථාන,Common, L 1, L 2 වශයෙන් සලකුණු කර තිබෙනවා.පහතින් මම ඉදිරිපත් කරලා තිබෙන්නේ එම 2 way Switch වයරින් පරිපථයයි.
එම පරිපථය අනුව එක් ස්විචයක L 1 ස්ථානයත් අනෙක් ස්විචයේ L 1 ස්ථානයත් වයර් මගින් සම්බන්ධ කල යුතු වන අතර එක් ස්විචයක L 2 ස්ථානයත් අනෙක් ස්විචයේ L 2 ස්ථානයත් වයර් මගින් සම්බන්ධ කල යුතු වෙයි. ඉන් පසු Neutral වයරය කෙලින්ම අදාල බල්බයට ලබා දිය යුතු අතර, එක ස්විචයක Common ස්ථානයට Live වයරයත්, අනෙක් ස්විචයේ Common ස්ථානය බල්බයේ අනෙක් අග්‍රයටත් සවි කල යුතු වේ.
Tuesday, December 7, 2021
Monday, December 6, 2021
Saturday, December 4, 2021
බහු කාර්ය Led විදුලි පහනක් සාදමු...
පහතින් දක්වා තිබෙන්නේ, ඉතාමත් සරල Multi Function Led විදුලි පහනක් සාදාගත හැකි පරිපථයක්. එනම් මෙම විදුලි පහන Night Lamp එකක් ලෙසත්, Soft Room Lamp එකක් ලෙසත් භාවිතා කරන්න පුළුවන්. මෙහි ඇති Slide ස්විචය එක පසකට දැමුවිට නිල්පාට Led බල්බ 10 දැල්වෙන අතර, එවිට Night Lamp එකක් ලෙස භාවිතා කල හැකි වනවා සේම, මෙහි ඇති Slide ස්විචය අනෙක් පසට දැමුවිට සුදු පාට Led බල්බ 30 දැල්වෙන අතර, එවිට මෙය Soft Room Lamp ලාම්ප එකක් ලෙස භාවිතා කල හැකියි.
ට්‍රාන්ස්ෆෝමරය සදහා මිලිඇම්පියර් 300 ක 12v ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කරන්න. Rectifier Diode හතර සදහා IN 4007 හෝ Bridge Rectifier එකක් හාවිතා කරන්න. ස්විචය සදහා පහතින් පෙන්වා ඇති ආකාරයේ මැද OFF තත්වයේ පවතින 2 way ස්විචයක් භාවිතා කල හැක.
Friday, December 3, 2021
USB Mobile Phone Charger...
මම අද ඉදිරිපත් කරන්නේ, USB මොබයිල් ෆෝන් බැටරි චාජර් පරිපථයක්. ඉතාම අඩු උපාංග ගණනකින් යුතු මෙම පරිපථය ඔබට ඉතා පහසුවෙන් එකලස් කරගන්න පුළුවන්. මෙම පරිපථය CL 100 ට්‍රාන්සිස්ටරය උපයෝගී කරගෙන නිර්මාණය කර ඇති අතර, CL 100 ට්‍රාන්සිස්ටරය වෙලදපොලේ සොයා ගැනීමට අපහසු වුවහොත් එම ට්‍රාන්සිස්ටරය සමාන වෙනත් ට්‍රාන්සිස්ටරයක් භාවිතා කල හැක. පරිපථයේ ZD ලෙස ඇත්තේ, 4.7v සෙනර් ඩයෝඩයකි.
Thursday, December 2, 2021
Wednesday, December 1, 2021
Sunday, November 28, 2021
වෝල්ට් 3 න් ක්‍රියාකරන ස්ටීරියෝ ඇම්ප්ලිෆයරය...
මෙම Amplifier පරිපථයේ විශේෂත්වය වන්නේ 1.5v බැටරි දෙකකින් වුවද ක්‍රියාත්මක කල හැකි වීමයි. මෙම පරිපථය කුඩා Audio උපාංග සදහා Amplifier එකක් ලෙස භාවිතා කිරීමට ඉතා සුදුසුයි. Stereo Amplifier පරිපථයක් වන මෙය TDA 2822M IC උපාංගයක් පදනම් කරගෙන නිර්මාණය වී ඇති අතර මෙම IC උපාංගය Pin 8 කින් සමන්විත වනවා. තවද මෙම පරිපතයට වෝල්ට් 15 දක්වා වුවද උපරිම වෝල්ටීයතාවයක් සැපයිය හැක. ඒවාගේම ස්පිකර් දෙක සදහා Ohms 4 ,1watt ස්පිකර් දෙකක් භාවිතා කල හැක. මෙම පරිපථය පහතින්.....
අවශ්‍ය උපාංග.
R1 4.7Ω 1/4W
R2 4.7Ω 1/4W
R3, R4 10kΩ stereo Volume Control
C1 470µF 16V
C2 470µF 16V
R2 4.7Ω 1/4W
R3, R4 10kΩ stereo Volume Control
C1 470µF 16V
C2 470µF 16V
C3 100µF 16V
C4 100µF 16V
C5 0.1µF
C6 0.1µF
C7 1µF 16V
C8 1µF 16V
C9 100µF 25V
IC1 TDA2822M
LS1 1W 4Ωspeaker
LS2 1W 4Ω speaker
C4 100µF 16V
C5 0.1µF
C6 0.1µF
C7 1µF 16V
C8 1µF 16V
C9 100µF 25V
IC1 TDA2822M
LS1 1W 4Ωspeaker
LS2 1W 4Ω speaker
මෙම පරිපථයේ R 3 සහ R 4 ලෙස දක්වා ඇත්තේ 10K Stereo Volume Control එකකි. පරිපථයේ මෙය වෙන වෙනම පෙන්වා තිබුනද, මෙය එකම උපාංගයකි. එහි සාමාන්‍ය පෙනුම පහතින් දක්වා ඇත.
Subscribe to:
Comments (Atom)













































