අද මම ඔබට ඉදිරිපත් කරන්නේ, 12V DC Light Dimmer පරිපථයක්. පරිපථය ප්‍රධාන වශයෙන් BC 140, 2N 2955 ට්‍රාන්සිස්ටර් දෙකකින් සහ NE 555 IC උපාංගයකින් සමන්විත වනවා. පරිපථය සාදාගත් පසු පරිපථයේ Lamp 1 ලෙස සදහන් ස්ථානයට 12v බල්බයක් සවි කරන්න. පරිපථයේ VR1 ලෙස පෙන්වා ඇති 50K Preset එක මගින් බල්බයේ එලිය අඩු වැඩි කල හැක. පරිපථය ක්‍රියාත්මක වීමේදී 2N 2955 ට්‍රාන්සිස්ටරය රත්වන හෙයින් අනිවාර්යෙන්ම Heat Sink එකක් යෙදීමට අමතක නොකරන්න.2N 2955 ට්‍රාන්සිස්ටරයේ Body එක එම ට්‍රාන්සිස්ටරයේ Collector එක ලෙස ක්‍රියා කරයි. පරිපථය සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය 12v වේ.
Parts List
| R1 | 1KΩ |
| R2 | 1KΩ |
| R3 | 100Ω 2W |
| VR1 | 50KΩ Preset |
| C1 | 0.1µF (104) |
| C2 | 470µF 25V |
| D1 | 1N4001 |
| Q1 | BC140 |
| Q2 | 2N2955 |
| LAMP1 IC 1 | 12V Light NE 555 |






