Monday, October 26, 2020

 

Rechargeable Led Search Lamp එකක් සාදමු...

ඉතින් අද මම ඔබට අරගෙන ආවේ,අපට එදිනෙද වැඩකටයුතු වලදී ඉතාමත් ප්‍රයෝජනවන Rechargeable Led Search Lamp එකක් සාදන ආකාරයයි. මෙම Rechargeable Led Search Lamp එකට විදුලිය සැපයීම සදහා භාවිතා කර ඇත්තේ 6v , ඇම්පියර් 4 Rechargeable බටරියකි.මෙම Search Lamp  එකේ ඇති විශේෂත්වය වන්නේ, බැටරිය ගැලවිමකින් තොරව  මෙම Search Lamp පරිපතයටම පිටතින් Power Pack එකක් සවි කර මෙම බැටරිය Charge කරගත හැකි වීමයි.

මෙම පරිපථයේ ඇති BD 139 නම් වූ ට්‍රාන්සිස්ටරයේ Pin හදුනා ගන්න ආකාරය සහ LM 7806 රේගුලේටර් උපාංගයේ  Pin හදුනා ගන්න ආකාරය පහත රුප මගින් ඉදිරිපත් කර ඇත. D 1 සිට D 6 දක්වා ඇත්තේ සුදු පැහැති සාමාන්‍ය ටෝච් Led බල්බ හයකි.



තවද BD 139 නම් වූ ට්‍රාන්සිස්ටරයට සහ LM 7806 රේගුලේටර් උපාංගය, පරිපථය ක්රියකිරිමේදී රත්වන අතර, එමනිසා එම උපාංග දෙකටම වෙන වෙනම තාප අවශෝෂක (Heat Sink ) දීම අනිවාර්යෙන්ම සිදු කල යුතුවේ. එමෙන්ම පහත රුපයේ පෙන්වා ඇති ආකාරයේ 12v ,ඇම්පියර් 1 ප්‍රමාණයේ Power Pack එකක්, පරිපත්යේ CHG IN යනුවෙන් සදහන් ස්ථානයට සවිකර බැටරිය Charge කරගත හැක.