අපේ වෙබ් එක කියවන ගොඩක් දෙනෙක් අහල එවල තිබුනා පරිගණකයක් අලුතින් මිලට ගන්නා විට සලකා බලන්න ඕනා කාරනා ටිකක් කියලා දෙන්න කියලා ඒඅනුව අද මම ඔබට ඒ පිලිබඳව කරුණු ටිකක් කියලා දෙන්නම්.ගොඩක් අය පරිගණකයක් ගන්නකොට උත්සාහ කරන්නේ දැනට තියන හොදම පරිඝණකය ගන්න හදන එක. ඒ අය හිතන්නේ එහෙම ගත්තහම සැහෙන කාලයක් පාවිච්චි කරන්න පුලුවන් කියලා වගේම අනිත් එක්කෙනාට වඩා ලොකු
එකක් ගැනීමේ අදහසත් ඒ අය ළඟ තියනවා . ඔබ අද ගත්ත පරිඝණකය මේ මාසේ තියෙන හොදම පරිඝණකය වෙන්න පුලුවන්. එත් මතක තියාගන්න මාසෙකින් පස්සේ ඔය පරිඝණකය පරණ බව. ඒ හින්ද තමාට තමාගේ අවශ්‍යතාවට ගැලපෙන පරිදි තෝරාගන්න උත්සහ කරන්න .

Processor / CPU / Central Processing Unit (මද්‍ය සැකසුම් ඒකකය)
පරිඝනකයේ හදවත බඳු මෙම කොටස ඉතා වැදගත් .මේ වනවිට වෙළද පොලේ තියෙන්නේ Core 2 Duo / Core i3 / Core i5 / Core i7 මේ වගේ Processors තමා . මේවා වලින් Intel සමාගමට අනුව Desktop/Laptop පරිගණක සදහා තියන ඉහලම Processor එක Intel Core i7 Processor එක . එහි වේගය හා එහි ඇති තාක්ෂණයන් ඉහත තියෙන හැම Processor එකකකටම වඩා ඉහළින් තිබීම තමා ඒකට හේතුව . නමුත් තමන් පරිගණකයක කරන වැඩ අනුව ගැලපෙන processor තෝරාගන්න ටිකක් හිතලා බලන්න ඕනේ. මොකද මේවා මිල ගනන් වලින් වෙනසක් හා වේගය අතින් වෙනසක් තියෙන්නවා. ඒ විතරක් නෙමේ, Processors වල තියෙන්නවා Cache Memory (L1, L2, L3)කියල කොටසක්, ගොඩක් කට්ටිය මේ ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ . දැනට නම් Cache Memory 1MB – 12 MB දක්වා අලුත් CPU වල තියෙන්නවා. Cache Memory වැඩි වෙන තරමට පරිගණකයේ වේගය හොඳ මට්ටමක තියාගන්න පුලුවන් , නමුත් Cache Memory වැඩිවෙත්ම එම Processor එකේ මිල වැඩිවෙන බව මතක තියා ගන්න. අපට Processor වර්ග 2 ක්ලබා ගන්න පුළුවන්.
(1)Intel Core 2 Duo 2.9 GHz [ 2 MB Cache Memory ] – Rs. 18000.00
(2)Intel Core 2 Duo 3.2 GHz [ 4 MB Cache Memory ] – Rs.18000.00
මේ ප්‍රොසෙසර් වලින් ඔබට ඉතා හොඳ එකක් වන්නේ 4 MB Cache Memory එකක් තියෙන Processor.මේ Processor වැඩ කරන කොට පැහැදිලි වෙනසක් Intel Core 2 Duo 2.9 GHz [ 2 MB Cache Memory ] වලට වඩා Intel Core 2 Duo 3.2 GHz [ 4 MB Cache Memory ] පෙන්නුම් කරනවා . නමුත් මෙය යලිත් වෙනස් වෙනවා තමන් එම පරිගනකයේ කරන වැඩ අනුව.තවත් CPU වල වැදගත් දෙයක් තමයි Core ගණන. මෙයින් අදහස් කරන්නේ එක CPU/Processor එකක් තුල Processor කීපයක් තීබීමයි. උදාහරණයක් ලෙස අපි Intel i7 CPU එකක් ගත්තොත් එහි Core 2කේ සිට 6දක්වා තියනවා. මෙයිනුත් පේනවා i7 එකක් ගැනීමෙන් පමණක් පරිගණකය වේගවත් නොවන බව, i7 CPU එකේ විවිධ මාදිලි තියන බව, එයින් තමන්ට ගැලපෙන processor එක එහි මාදිලි අනුව තෝරාගන්න ඕනේ කියන එක. Intel Core i5 චලද Core 2 කේ සිට 4 දක්වා තියනවා. සමහර විට i5 core 4 ඇති එකක වේගය i7 core 2 අකක් ඇති එකකට වඩා වැඩි වෙන්න පුලුවන්. අලුතෙන් එන Sandy Bridge තාක්ෂණය යොදාගන්න Intel CPU වල VGA පවා දැන් එනේ CPU එක තුලයි. තවත් ගොඩක් දේවල් පරිගණකයක් මිලට ගැනීමට පෙර බලන්න ඕනා.ඉදිරි පාඩමකින් ඒවා කියලා දෙන්නම්..