Monday, April 27, 2020

Voltmeter Circuit Using LED...


අද මම ඔබට ඉදිරිපත් කරන්නේ, දර්ශකය ලෙස Led බල්බ යොදාගෙන සාදා ගත හැකි වෝල්ට් මීටර් පරිපථයක්. මෙම වෝල්ට් මීටර් පරිපථය 12v කාර් බැටරියක වෝල්ටීයතාවය බලා ගැනීමට භාවිතා කරන්න පුළුවන්. පරිපථයේ ප්‍රධානතම උපාංගය ලෙස LM 324 IC උපාංගය භාවිතා කර තිබෙනවා. පරිපථයේ U1a,  U1b ,  U1c ,  U1d ,  කොටස් හතරක් ලෙස පෙන්වා ඇත්තේ මෙම එකම  LM 324 IC උපාංගයයි.
පරිපථයේ R6 ලෙස පෙන්වා ඇත්තේ 10K Preset එකකි. පරිපථය සාදාගැනීමෙන් අනතුරුව, IC උපාංගයේ 1,7,8,14 පින් වලින් පිළිවෙලින් 14v ,13v ,12v ,11v වෝල්ටීයතාවයන් ලැබෙන සේ 10K Preset එක සකසා ගන්න. මල්ටි මීටරයක් ගෙන එහි (-) වයරය බැටරියේ (-) අග්‍රයටත්, මල්ටි  මීටරයේ + වයරය 1,7,8,14 පින් වලට තබා ඒ ඒ පින් වලින් නියමිත වෝල්ටීයතාවය ලැබෙන සේ 10K Preset එක සකසා ගත හැක.