අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ප්‍රබල ,එනම් 2N 3904 ට්‍රාන්සිස්ටර් දෙකක් යොදා ගනිමින් සාදා ගත හැකි FM ට්‍රාන්ස්මීටර් පරිපථයක්. මෙම පරිපතයද අනිවාර්යෙන්ම ප්‍රින්ටඩ් බෝඩ් එකක් සාදා ගෙන ඒ මත සාදා ගත යුතු වනවා. මෙය FM 88MHz - 108MHz අතර තරංග කලාපයේ ක්‍රියාත්මක වන අතර, පරිපථයේ ඇති 20pf වේරියබල් කැපසිටරය එක මගින් ඔබට අවශ්‍ය Frequency එක සකසා ගත හැක. පරිපථයේ L1 වශයෙන් සදහන් කොයිලය සදහා 22 SWG කොයිල් කම්බියෙන් මිලිමීටර 6 පමණ විෂ්කම්භය සිටින සේ පොටවල් 6 ක් ඔතා ගත යුතු වන අතර, පරිපථයේ පෙන්වා ඇති ආකාරයට කොයිලයේ දෙකෙළවර මෙන්ම, කොයිලයේ තුන්වන පොටේ ස්ථානයක්ද සුරා එනමලය ඉවත්කර එම ස්ථානයද පරිපතයට සම්බන්ධ කලයුතු වේ. පරිපථය සදහා 9v විදුලි බලයක් ලබාදෙන්න.පහතින් ඉදිරිපත් කර තිබෙන්නේ එම ට්‍රාන්ස්මීටර් පරිපතයයි.
Variable Capacitor
කොයිලය සාදා ගන්න ආකාරය..
වගකීමෙන් නිදහස්වීමේ නිවේදනය...
ට්‍රාන්ස්මීටර් පරිපත ක්‍රියාත්මක කිරීම සදහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගත යුතු වන අතර, මෙම පරිපථය අත්හදාබැලිමට පමණක් සීමාකල යුතුවේ. අනිසි භාවිතය හේතුවෙන් ඇතිවන නීතිමය තත්වයන්ට Prestar Web හෝ එහි කතෘ කිසිදු අයුරකින් වගකීමට බැදී නොමැති බව දන්වනු කැමැත්තෙමි.






