අද මම ඔබට හදුන්වා දෙන්නේ, කැමරා 16 ක CCTV පද්ධතියක් සදහා ගැලපෙන 12v ඇම්පියර් 10 ක Common විදුලි සැපයුම් ඒකකයක් (Power Supply Unit ) එකක්. මෙම Power Supply එක භාවිතා කිරීමේදී, සෑම කැමරාවක් ලගම වෙනවෙනම Power Supply සවිකල යුතු වන්නේ නැහැ. DVR එක අසලම Power Supply සවි කර, පහතින් පෙන්වා ඇති ආකාරයේ RG 59 CCTV කේබල් එකක් භාවිතා කල විට මෙම කාර්ය ඉතාමත් පහසු වනවා. එම කේබලයේ Coaxial කොටස BNC ජැක් එකටත්, රතු සහ කලු වයර් දෙක කාමර වලට විදුලිය ගෙනයාම සදහාත් භාවිතා කල හැක.



