මම අද ඔබට ඉදිරිපත් කරන්නේ, ආලෝකයට සංවේදීව ක්‍රියාත්මක වන ගිනි අනතුරු ඇගවිමේ එලාම් පරිපථයක්. NE 555 IC උපාංගයකින් සහ BC 547 ට්‍රාන්සිස්ටරයකින් සහ L 14F 1 Photo ට්‍රාන්සිස්ටරයකින් මෙම පරිපථය සමන්විත වනවා. NE 555 සහ BC 547 ඔබට ඉතා හුරු පුරුදු උපාංග වුවත් L 14F 1 Photo ට්‍රාන්සිස්ටරය ඔබට නුහුරු උපාංගයක් වේවි. මෙම පරිපථයේ සංවේදකය (Sensor ) එක ලෙස ක්‍රියා කරන්නේ මෙම L 14F 1 Photo ට්‍රාන්සිස්ටරයයි. මෙම photo ට්‍රාන්සිස්ටරයේ ඉහල කොටසට ආලෝකය වැටුණු විගස Alarm එක නාද වනු ඇත. පරිපථය සදහා 9v වෝල්ටීයතාවයක් ලබාදිය යුතු අතර, ඒ සදහා 9v බැටරියක් භාවිතා කල හැක. ස්පීකරය සදහා ඕම්ස් 8 ක 0.5 w ස්පීකරයක් භාවිතා කරන්න.
L14F1 Photo Transistor


