ලැප්ටොප් පරිගණක සදහා භාවිතා කල හැකි ඉතාමත් කුඩා සහ සරල Amplifier පරිපථයක් පහතින් දක්වා තිබෙන අතර, ඒ සදහා USB Port එකක් මගින් විදුලිය සැපයීම සිදුකල හැකියි. එනම් USB Port එකෙන් පිටවන 5v විදුලිය මෙම පරිපථයට ලබාදිය හැකිවනවා. TDA 2822M IC උපාංගය ආධාරයෙන් නිර්මාණය කර ඇති මෙම පරිපථය Stereo Amplifier පරිපථයක් වන අතර 0.5w ස්පිකර් දෙකක් මේ සදහා භාවිතා කල හැක. තවද ඔබගේ පහසුව සදහා TDA 2822M IC උපාංගයේ පින් හදුනාගන්නා ආකාරයද පහතින් ඉදිරිපත් කර ඇත.


