Tuesday, January 14, 2020

Led විදුලි පහන් වලටත් ඩිමර් ස්විචයක්...


සාමාන්‍ය සුත්‍රිකා විදුලි පහන් වලට භාවිතා  කරන Dimmer Switch Led විදුලි පහන් වලට භාවිතා කරන්න බෑ කියල ඔබ දන්නවා ඇති. ඉතින් ඒ නිසා ඔන්න මම අරගෙන ආවා Led විදුලි පහන් සදහා භාවිතා කල හැකි Dimmer Switch පරිපථයක්. මෙය IC උපාංග දෙකකින් සමන්විත වනවා. ඉන් එකක් තමයි ඔබ හොදින් දන්නා NE 555 IC උපාංගය. අනෙක් IC උපාංගය සදහා, MC 3061- M, MC 3062- M, MC 3063- M යන IC උපාංග තුනෙන් ඕනෑම IC උපාංගයක් භාවිතා කල හැක. පරිපථයේ ඇති 100k Variable Resistor එක මගින් Led විදුලි පහනේ ආලෝකය අඩු වැඩි කල හැක.