වෙසක් උත්සවයේ විදුලි ආලෝක සැරසිලි සදහා යොදාගත හැකි තවත් Led බල්බ පරිපථයක් පහතින් ඉදිරිපත්කර තිබෙනවා. මෙමෙ පරිපථයේ ප්‍රධානතම උපාංග ලෙස NE 555 IC උපාංගය සහ BC 548 සහ BC 558 ට්‍රාන්සිස්ටර් දෙක හදුන්වන්න පුළුවන්. BC 548 NPN වර්ගයේ ට්‍රාන්සිස්ටරයක් වන අතර BC 558 PNP වර්ගයේ ට්‍රාන්සිස්ටරයක් වේ. පරිපථයේ ඇති 500k Preset එක මහින් බල්බ දැල්වෙන වේගය වෙනස් කර ගත හැක. පරිපතයට සැපයිය යුතු වෝල්ටීයතාවය 12v වේ.



