Sunday, March 1, 2020

Led TV Repair Tips...


පැරණි CRT ( Cathode Ray Tube ) සහිත TV දැන් දැන් ක්‍රමක්‍රමයෙන් භාවිතයෙන් ඉවත්වන බව ඔබ අපි කව්රුත් දන්නා කාරණයක්.ඉන්පසු පැමිණි LCD TV එකත් අබිබවමින් Led TV දැන් දැන් පෙරමුණේ පසුවනවා. ඉතින් Led TV වල ඇතිවන දෝෂ පිලිබදවත් ඔබ යම් තරමක් හෝ දැන සිටීම වැදගත් වේවි. සමස්ථයක් ලෙස ගත්කල Led TV වල වැඩිපුරම හටගන්නේ එහි විදුලි සැපයුමේ දෝෂ තමයි. බොහෝ වෙලාවට මෙහිදී TV එක Off කර තැබුවා හා සමානයි. ඉතින් මෙවැනි තත්වයක් තුල දෝෂය සෙවීම ආරම්භ කල යුත්තේ ඉතාමත් සරලම තැනින්. කුමක්ද මේ සරලම තැන? ඒ තමයි, Led TV එකට විදුලිය සපයන AC Code එක. ඉතාමත් සංකීර්ණකාරණා  වලට යාමට මත්තෙන් ඔබ Led TV එකේ AC Code එක මල්ටිමිටරය ආධාරයෙන් පරීක්ෂා  කර බලන්න. මල්ටිමිටරයේ සෙලෙක්ටරය Connectivity Test ස්ථානයට දමා AC Code එකේ වයර් දෙකම පරික්ෂා කරන්න. බොහෝ අවස්ථා වල එම වයර් වල කම්බි ඇතුළතින් කැඩී තිබෙන අවස්ථා අපට දකින්න පුළුවන්. AC Code එක හොද නම්, ඔබ Power Supply Unit එක වෙත අවධානය යොමුකරන්න ඕන. පහතින් මම පෙන්නලා තිබෙන්නේ Led TV එකක Power Supply Unit  එකක්.


ඔබ දැන් මල්ටිමිටරය භාවිතා කිරීමට දන්නා නිසා ඔබට මෙය අපහසු කාර්යක් නොවනු ඇත. දැන් ඔබ මුලින්ම පරික්ෂා  කලයුතු වන්නේ Power Supply Unit  එකේ  ඇති Fuse එකයි. ඕනෑම Power Supply Unit  එකක මෙවැනි Fuse එකක් ඇත. Fuse එක ගලවා පරීක්‍ෂා කිරීම නිවැරදි ක්‍රමයයි. ඉන්පසු ඔබ පරීකෂා කල යුත්තේ Bridge Rectifier එකයි. එයත් හොද තත්වයේ තිබේ නම්, ට්‍රාන්සිස්ටර්,රෙසිස්ටර් සහ රෙක්ටිෆයර් වෙත ඔබේ අවධානය යොමුකළ යුතු වනවා. ඉතා නිවැරදි පරික්ෂා කිරීමකට නම්, මෙම උපාංග වල එක pin එකක් හෝ ප්‍රින්ටඩ් බෝඩ් එකෙන් ගලවා පරීකෂා කිරීම සිදුකල යුතු වේ. රෙසිස්ටර් පරීක්‍ෂා  කිරීමේදී, මුලින්ම අවධානය යොමුකළ යුත්තේ Ohms අගයෙන් යුත් රෙසිස්ටර් වලටයි. බොහෝ වෙලාවට, Kilo Ohms සහ Mega Ohms අගයන්ගෙන් යුත් රෙසිස්ටර් පිලිස්සියාමේ  ප්‍රවනතාවය මගේ අත්දැකීම් අනුව  ඉතා අඩු මට්ටමක පවතී. මගේ අත්දැකීම් සහ පලපුරුද්ද අනුව බොහෝ විට මම පෙන්වා ඇති උපාංග එකක් හෝ කිහිපයක් පිලිස්සී තිබිය හැක.