ඉතින් අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ඉතාම ඉහල ඉල්ලුමක් ඇති,ඒ වගේම ඉතා ඉහල අදායමක් ලැබිය හැකි දෙයක්. තව විදියකට කියනවනම් වෙළද දැන්වීම් කලාව උඩු යටිකුරු කල දෙයක් තමයි Led නාම පුවරු. මෙම ලිපියෙන් මම බලාපොරොත්තු වෙනවා Led නාම පුවරු එකලස්කිරිම සහ Program කිරීම පිලිබදව ඔබට සම්පුර්ණ දැනුමක් ලබාදෙන්න. ඒ වගේම මෙමගින් ඔබට, ස්වයං රැකියාවක් වශයෙන් දැන්වීම් ප්රචාරක ආයතනයක් ආරම්භකිරීමට හෝ තම නිවසේ සිටම අතිරේක අදායම් මාර්ගයක් සකසා ගත හැකි වනු නියතයි.
ඉතින් Led නාම පුවරුවක් එකලස් කරලා Program කිරීම ඉතා බැරෑරුම් කටයුත්තක් සේ සමහරවිට ඔබට හැගෙන්න පුළුවන්. මන්ද යත් ඔබ සති අන්ත පුවත් පත් බලනවානම් මේ සදහා එක්දින පුහුණු වැඩමුළු පිළිබද දැන්වීම් ඔබ දැකල ඇති.මෙම Led නාම පුවරු එකලස්කිරිම සහ Program කිරීම සදහා ඔබ තුල ඇති අධික කැමැත්ත නිසාම ඔබව පෙලබවිමට තවත් සමහර අයගේ පුවත්පත් දැන්වීම් වල 'Program 200 ට වඩා ඇතුලත්කල හැකි බවද සදහන් කරනවා ඔබ දැකල ඇති. ඇත්තටම මෙම ඔවුන් සදහන් කරන Program 200 කුමක්ද යන්න ඔවුන්වත් දන්නේ නැහැ.මන්ද යත් ඇතුලත් කල හැකි Program ගණන තීරණය වන්නේ අප Display කිරීමට බලාපොරොත්තු වන දේවල් වල ධාරිතාව මතයි.

ඉතින් ගොඩක් දෙනාගේ ඉල්ලීම මත මෙම Led නාම පුවරු එකලස්කිරිම සහ Program කරන ආකාරය ඉතාමත් සරලව පියවරෙන් පියවර ඔබට ඉදිරිපත් කරන අතර සිංහල Audio සහිත Video පාඩම් 16 ක් ද මෙයට අන්තර්ගත වනවා. දින 5 ක් ඇතුලත මෙම පාඩම් මාලාව කෙසේ හෝ ඉදිරිපත් කර අවසන් කරන බවත් ඔබට කියන්න ඕන.
Led නාම පුවරු භහුල වශයෙන් භාවිතා කරන ස්ථාන.
*සියලුම තොග සහ සිල්ලර වෙළද සැල්.
*කොමියුනිකේෂන්.
*පුද්ගලික රෝහල් සහ චැනලින් සෙන්ටර්.
*බස් නැවතුම් පොළවල්.
*දුම්රිය ස්ථාන.
*බස් රථවල.
*හෝටල් සහ රෙස්ටෝරන්ට්
*සියලුම තොග සහ සිල්ලර වෙළද සැල්.
*කොමියුනිකේෂන්.
*පුද්ගලික රෝහල් සහ චැනලින් සෙන්ටර්.
*බස් නැවතුම් පොළවල්.
*දුම්රිය ස්ථාන.
*බස් රථවල.
*හෝටල් සහ රෙස්ටෝරන්ට්
Led නාම පුවරුවක් එකලස් කිරීමට අවශ්‍ය උපාංග.
(1) Led පැනල් බෝර්ඩ්.
(2) කන්ට්‍රෝල් කාඩ් 01
(3) පවර් සප්ලයි 01
(1) Led පැනල් බෝර්ඩ්.
(2) කන්ට්‍රෝල් කාඩ් 01
(3) පවර් සප්ලයි 01
(1) Led පැනල් බෝර්ඩ්.
මෙම, බල්බ පාස්සා නිමකරන ලද Led පැනල් බෝඩ් අපට වෙළද පොලෙන් මිලට ගත හැක. සුදු,කහ,කොළ,රතු,නිල්,දම් යන වර්ණ වලින් මෙම Led පැනල් බෝඩ් ලබා ගත හැකි අතර, ඊට අමතරව ද්විත්ව වර්ණ සහ ත්‍රිත්ව වර්ණ ආදී වශයෙන්ද ලබාගත හැක. Led පැනල් බෝර්ඩ් එකක උස අගල් 6 වන අතර,පළල අගල් 12 වේ. තවද Led පැනල් බෝර්ඩ් එකක උස අතට බල්බ 16 ක් ද,පළල අතට බල්බ 32 ක් ද, වශයෙන් Led පැනල් බෝර්ඩ් එකක් බල්බ 512 කින් සමන්විත වේ. Led පැනල් බෝර්ඩ් එකක් ක්‍රියාකරවීම සදහා 5v විදුලියක් ලබා දිය යුතුයි. සෑම පැනල එකකම පිටුපස IC උපාංග වලින් සමන්විත පරිපථයක් ඇත.මෙම පැනල් බෝඩ්, In Door සහ Out Door වශයෙන් කොටස් දෙකකට බෙදේ.

In Door Led Panel Board
ඇතුලත භාවිතය සදහා Led නාම පුවරු සෑදීමේදී මෙම In Door Led Panel Board භාවිතා කරනු ලැබේ.
ඇතුලත භාවිතය සදහා Led නාම පුවරු සෑදීමේදී මෙම In Door Led Panel Board භාවිතා කරනු ලැබේ.
Out Door Led Panel Board
එළිමහනේ භාවිතය සදහා Led නාම පුවරු සෑදීමේදී මෙම Out Door Led Panel Board භාවිතා කරනු ලැබේ.
එළිමහනේ භාවිතය සදහා Led නාම පුවරු සෑදීමේදී මෙම Out Door Led Panel Board භාවිතා කරනු ලැබේ.
Led නාම පුවරු එකලස් කිරීමේදී අපට අවශ්‍යවන ප්‍රධානතම උපාංගය වන්නේ Control Card එකයි.මෙම සෑම Control Card එකකටම 5v විදුලි බලයක් ලබාදිය යුතු අතර, සෑම Control Card එකකම Pen Drive එක සවි කිරීම සදහා USB Port එකක් ඇත. Control Card විවධ ප්‍රමාණයන්ගෙන් ලබා ගත හැකි අතර ඔබ සාදන නාම පුවරුවේ ප්‍රමාණය මත ඔබට අවශ්‍ය Control Card එක ලබාගත යුතුවේ.පහත දැක්වෙන Control Card එකේ රුපය අනුසාරයෙන් මම තවදුරටත් විස්තර කරන්නම්.
මෙම රුපයේ දැක්වෙන්නේ TF SU නම් Control Card එකකි.මෙම රුපයේ Hub 01 සහ Hub 02 ලෙස සදහන් කර තිබෙන්නේ, Led panel වලට යන Data Cable සවිවන Port දෙකයි. ඔබ සාදන Led නාම පුවරුවේ උස අගල් 6 නම්(එනම් panel පේලි එකක් නම්)ඔබට Hub 01 පමණක් භාවිතා කල හැක. ඔබ සාදන Led නාම පුවරුවේ උස අගල් 12 නම්(එනම් panel පේලි දෙකක් නම්) උඩ panel පේලිය Hub 01 එකටත්,යට panel පේලිය Hub 02 එකටත් සවිකල යුතුයි.එනම් සෑම Led panel පේලියක් සදහාම එක Hub එක බැගින් අවශ්‍ය බව දැන් ඔබට වැටහෙනු ඇත.
මෙම TF SU නම් Control Card එකේ USB Port එකේ ,320 x 32, 640 x 16 ආදී වශයෙන් සදහන් ලේබලයෙන් දැක්වෙන්නේ කුමක්ද යන්න මම ඔබට පහදලා දෙන්නම්. මම ඔබට කලින් කිව්වා මතක ඇති Led Panel Board එකක උස අතට බල්බ් 16 සහ පළල අතට බල්බ් 32 ඇති බව. ඉතින් මෙම ලේබලයේ මේ සදහන් කරලා තිබෙන්නේ,TF SU Control Card එකෙන් hub එකක් භාවිතා කරමින් සැදිය හැකි නාම පුවරුවේ උපරිම ප්‍රමාණය සහ hub දෙකම භාවිතා කරමින් සැදිය හැකි නාම පුවරුවේ උපරිම ප්‍රමාණයයි.
hub එකක් භාවිතා කරමින් සැදිය හැකි නාම පුවරුවේ උපරිම ප්‍රමාණය 640 x 16
hub දෙකම භාවිතා කරමින් සැදිය හැකි නාම පුවරුවේ උපරිම ප්‍රමාණය 320 x 32
640 x 16 - මෙමගින් දැක්වෙන්නේ බල්බ 16 උස අතට සහ බල්බ් 640 පළල අතට වන බවයි. එනම් මෙමගින් කියවෙන්නේ තනි පේලියට Led panel Board 20 උපරිම වශයෙන් සවිකළ හැකි බවයි.(640 බෙදීම 32 = 20 )
320 x 32 - මෙමගින් දැක්වෙන්නේ බල්බ 32උස අතට සහ බල්බ් 320 පළල අතට වන බවයි. එනම් මෙමගින් කියවෙන්නේ පේලි දෙකටම Led panel Board 10 බැගින් උපරිම වශයෙන් සවිකළ හැකි බවයි.(320 බෙදීම 32 = 10 )උඩ පේලියේ 10 සහ යට පේලියේ 10 වශයෙන්.
මේ සදහන් වන්නේ උපරිම ප්‍රමාණය වන අතර ඊට අඩු panel ගණනක් යොදාගෙන Led නාම පුවරු සාදා ගැනීමට ඔබට හැකියි.ඒ වගේම මෙම control card එක සමග ඔබ ද්විත්ව වර්ණ හෝ ත්‍රිත්ව වර්ණ Led panel භාවිතා කරන්නේ නම්, මෙම Control Card එකේ නිල් පාට Hub එක ඔබ භාවිතා කල යුතුයි. එවිට ඔබට සැදිය හැකි වන්නේ තනි පේලියට උපරිම panel 20 ක නාම පුවරුවකි.
ඔබට මෙය තව දුරටත් තේරුම් ගැනීමට, TF AU නම් තවත් Control Card එකක් ඉදිරිපත් කරන්නම්.
මෙම TF AU control card එකේ සදහන් වෙලා තිබෙනවා 640 x 32 සහ 320 x 64 ආදී වශයෙන්. ඉතින් ඔබට පෙනෙනවා ඇති මෙම TF AU control card එකේ කළු පැහැති Hub හතරක් තිබෙන බව. එනම් Led panel board පේලි හතරක් සවි කරන්න පුලුවන්. 320 x 64 යනුවෙන් සදහන් වන්නේ,උපරිම වශයෙන් බල්බ් 64 උසට සහ බල්බ් 320 පළල Led නාම පුවරුවක් සෑදිය හැකි බවයි.ට එනම් සෑම පේළියකට Led panel 10 බැගින් පේලි හතරක් සවි කල හැකි බවයි.
640 x 32 වශයෙන් සදහන් වන්නේ Hub දෙකක් භාවිතා කරමින් පේලි දෙකටම Led panel board 20 බැගින් සවි කල හැකි බවයි. ඒවාගේම ද්විත්ව වර්ණ සහ ත්‍රිත්ව වර්ණ Led panel භාවිතා කරන විට නිල් පාට Hub දෙක උපයෝගී කරගෙන 640 x 32 ප්‍රමාණයේ Led නාම පුවරුවක් සාදා ගත හැක.
ඉතින් දැන් ඔබට හොද අවබෝධයක් ලැබී ඇති,ඒ ඒ Control Card අනුව සවිකළ හැකි Led Panel ප්‍රමාණය පිලිබදව. තවත් දෙයක් තමයි, මෙම TF AU control card එකේ ඔබට පෙනෙනවා ඇති රවුම් පැතලි බැටරියක් තිබෙන බව.මෙම Control card එකේ වේලාව Display කිරීමේ හැකියාව තිබෙන නිසා එයට අදාල බැටරිය තමයි ඔබට ඒ දිස් වන්නේ. නමුත් TF SU Control Card එකේ එම වේලාව Display කිරීමේ පහසුකම නැත. එම නිසා එහි බැටරියක්ද නැත.
(3) පවර් සප්ලයි.
Led Panel Board වලටත් Control Card එකටත් විදුලිය සැපයීම සදහා රුපයේ පෙන්වා ඇති ආකාරයේ 5v Power Supply එකක් අවශ්‍ය වනවා.මෙම Power Supply එක මගින් Control Card එකටත් සියලුම Led Panel Board වලටත් විදුලිය සැපයිය යුතුයි. මෙම 5v Power Supply ,ඇම්පියර් 5,10,20,40 ආදී වශයෙන් විවිධ ඇම්පියර් ප්‍රමාණයන්ගෙන් තිබෙන අතර,ඔබ සාදන නාම පුවරුවේ ඇති Led Panel Board ගණන අනුව ඔබ ලබාගත යුත්තේ කුමන ඇම්පියර් ප්‍රමාණයක Power Supply එකක්ද යන්න තීරණය කල යුතුයි. සාමාන්‍යයෙන් එක Panel Board එකක් සදහා,ඇම්පියර් එකක් පමණ අවශ්‍ය වන බව සේ සලකා Power Supply තෝරාගත යුතුයි.
Panel Board ගණන 4 ක් නම්, Power Supply එක ඇම්පියර් 5 ක එකක් වත් විය යුතුයි.
Panel Board ගණන 8ක් නම්, Power Supply එක ඇම්පියර් 10 ක එකක් වත් විය යුතුයි.
Panel Board ගණන 8ක් නම්, Power Supply එක ඇම්පියර් 10 ක එකක් වත් විය යුතුයි.
නිතරම,Panel Board ගණනට වඩා වැඩි ඇම්පියර් ගණනක Power Supply එකක් භාවිතා කලයුතු බව දැන් ඔබට අවබෝධ වී ඇති.
තවත් ඉතාමත් සැලකිය යුතු කාරණයක් වන්නේ,මෙම 5v Switching Power Supply වෙනුවට,ට්‍රාන්ස්ෆෝර්මර්ස් දමා 5v සාදාගෙන මෙම Led නාම පුවරු ක්‍රියාකළ හැකි වුවත්,වැඩි කලක් යාමට පෙර Control Card සහ Led Panel පිලිස්සී යයි.

රිබන් වයර්.
Control Card එකත් Led Panel Board එකත්, Led Panel Board එකකට වඩා භාවිතා කරන අවස්ථාවන් හිදී,එක panel එකක් අනෙක් panel එක හා සම්බන්ධ කරන්නෙත්,පහත පෙන්වා ඇති ආකාරයේ Ribbon Wire මගිනි. ඔබ Led Panel Board මිලට ගන්න විට සෑම Led Panel Board එකකටම එක රිබන් වයරය බැගින් ලැබේ.
විදුලිය ලබාදීමට සුදුසු වයර්.
Power Supply එකේ සිට Control Card එකටත්,Led Panel Board වලටත් විදුලිය සැපයීමට පහතින් පෙන්වා ඇති සර්කිට් වයර් හෝ PVC ෆ්ලෙක්සිබල් ඩබල් වයර් හෝ භාවිතා කිරීමට හැක.
Led පැනල්, කන්ට්‍රෝල් කාඩ්, පවර් සප්ලයි සම්බන්ධ කරන ආකාරය.
පහතින් ඔබට පෙන්වා ඇති රුපය මගින්, Led පැනල්, කන්ට්‍රෝල් කාඩ්, පවර් සප්ලයි සම්බන්ධ කරන ආකාරය, ඔබට තෙරු ගැනීමට හැකි වේවි. ඒ වාගේම ප්‍රයෝගිකව වඩාත් හොදින් තේරුම් ගැනීමට පහතින් ඉදිරිපත් කර ඇති Video පාඩම් පෙළද බලන්න.
ඔබ සාදාගත් Led නාම පුවරුව ප්‍රෝග්‍රෑම් කරන ආකාරය.
Led නාම පුවරු Program කිරීම සදහා අපි යොදාගනු ලබන්නේ,Power Led නම් වූ Softwear එකයි. ඔබ Control Card එක මිලදී ගන්න විට මෙම Softwear එක සහිත CD එකක් ද ඔබට ලැබෙනු ඇත.එම Softwear එක ඔබගේ පරිගණකයට Install කරගෙන, එම softwear එක මගින් Programs කල යුතුයි.
නැතිනම් පහත දක්වා ඇති Link එකෙන් ගොස් මෙම softwear එක Download කරගත හැක.
http://www.2shared.com/file/F95kLyUi/PowerLed_261.html
එම Softwear එක මගින් Program කරන ආකාරය සහ එම program, Pen Drive එකට ට්‍රාන්සර් කරන ආකාරය පහතින් ඇති Video පාඩම් මාලාවෙන් ඔබට ඉගෙනගත හැක.
අවසානයේ සිදුවිය යුතු දෙය මෙයයි.
(1) ඔබ Display කිරීමට බලාපොරොත්තුවන දෙය Program කර Pen Drive එකට Transfer කරගන්න.
(2) ඉන්පසු, Led Panel Board , Control Card , Power Supply නිසිආකාරව සවි කර විදුලිය සපයන්න.
3) විදුලිය සපයා තිබියදීම Pen Drive එක Control Card එකට සවිකරන්න. තත්පර කිහිපයකින් Led panel මත OK යනුවෙන් දිස්වනු ඇත.
ඉන්පසු Pen Drive එක ගලවන්න. එවිට ඔබ Program කළ දෙය Led Panel මත Display වනු ඇත
නාම පුවරු සදහා රාමු සෑදීම.
ඔබ Plastic බාර් වලින් රාමු සාදන්නේනම්, ඔබගේ නාම පුවරුවේ ප්‍රමාණයට පැති හතර කපාගන්න.ඉන්පසු මුල්ලට ගසන Joint මගින් රාමුව සාදාගන්න.
මෙම Plastic බාර් සහ මුල්ලට ගසන Joint පහත සදහන් ආයතනයෙන් මිලට ගත හැක.
Unitech Trading (pvt) Ltd,
No. 15,
1st cross Street,
Colombo 11.
Tel. 011 2334100
ඔබ ඇලුමිනියම් බොක්ස් බාර් වලින් රාමු සාදන්නේනම්, ඔබගේ නාම පුවරුවේ ප්‍රමාණයට පැති හතර කපාගන්න.පහත පෙන්වා ඇති ආකාරයේ මුල්ලට ගසන Joint මගින් රාමුව සාදාගන්න.
මෙම ඇලුමිනියම් බොක්ස් බාර් සහ මුල්ලට ගසන Joint පහත සදහන් ආයතනයෙන් මිලට ගත හැක.
Asian Group,
No,55
Maha Vidyala Mawatha,
(Barber Street),
Colombo 13
Tel. 0117400200
Control Card , Power Supply , Led Panel ලබා ගත හැකි ස්ථාන.
Unitech Trading (pvt) Ltd,
No. 15,
1st cross Street,
Colombo 11.
Tel. 011 2334100
Mega Max Technology,
No.86,
1st Cross Street,
Collombo 11.
Tel. 011 2386767
මිල ගණන් දල වශයෙන් ,
TF - SU Control Card 1 - Rs.1250/=
TF - AU Control Card 1 - Rs.1450/=
Led Panel 1- Red Colour - Rs. 1300/=
White,Green,Blue - Rs.1400/=
Power Supply 5v 10 A - Rs.1200/=
5v 40 A - Rs. 1900/=