Sunday, March 18, 2018

ට්‍රාන්සිස්ටර් ඉන්ටර්කොම් පද්ධතියක් සාදමු...


අද මම ඔබට අරගෙන ආවේ, අභ්‍යන්තර පණිවිඩ හුවමාරු පද්ධතියක් සාදාගත හැකි පරිපථයක්. ට්‍රාන්සිස්ටර් තුනකින් සමන්විත මෙම පරිපථය සදහා 9v වෝල්ටීයතාවයක් ලබාදිය යුතු වනවා. පරිපථයේ S1 ලෙස සදහන්ව ඇත්තේ සාමාන්‍ය ස්විචයක් වන අතර, පරිපථයේ S2 ලෙස සදහන්ව ඇත්තේ Press කරගෙන සිටින විට පමණක් On වන ස්විචයකි. පරිපථයේ පෙන්වා ඇති මයික් එක සදහා කුඩා කන්ඩෙන්සර් මයික් එකක් භාවිතා කල හැකි අතර, ස්පීකරය සදහා 8 Ohms කුඩා ස්පීකරයක් භාවිතා කරන්න.


මෙවැනි පරිපථ දෙකක් සාදාගෙන පහත පෙන්වා ඇති පරිදි වයර් මගින් සම්බන්ධකර ගැනීමෙන් ස්ථාන දෙකක සිට පණිවිඩ හුවමාරු කරගත හැක.

මෙම පරිපථ දෙක වයර් මගින් සම්බන්ධ කිරීම සදහා පහතින් පෙන්වා ඇති ආකාරයේ, 4 Core Telephone Wire භාවිතා කරන්නේනම් එය ඔබට වඩාත් පහසුවක් වනු ඇත.


මෙම පරිපථයේ භාවිතා කර ඇති BC 548 සහ BC 547 ට්‍රාන්සිස්ටර් වල Pin හදුනාගන්නා ආකාරයද පහතින් ඔබට ඉදිරිපත් කර ඇත.