Thursday, December 16, 2021

ට්‍රාන්ස්ෆෝමර් නොමැති 12v Power Supply එකක්...

 

සාමාන්‍යයෙන් Power Supply ගැන කතා කරද්දී අපට නිතැතින්ම මතකයට නැගෙන උපාංගයක් තමයි ට්‍රාන්ස්ෆෝමරය. එකට හේතුව තමයි ඔබ සාදන පරිපතයන්ට මෙන්ම අප එදිනෙද භාවිතා කරන උපකරණ වලට පිටතින් විදුලිය සැපයීම සදහා යොදා ගන්නා External Power Supply සෑම එකකම පාහේ ට්‍රාන්ස්ෆෝමරයක්  තිබීම. එම Power Supply වලදී සිදුවෙන්නේ 230v විදුලිය ට්‍රාන්ස්ෆෝමරය මගින් අඩු කර Diode යොදා ඍජුකරණය කර, Condenser එකක් මගින් සුමට කර අදාල උපකරණවලට විදුලිය සැපයීමයි. ඒවාගේම මෙම Power Supply වල උපකරණ වලට විදුලිය සපයන වයර් දෙක අපි අතින් ස්පර්ශකලත් අපට විදුලි සැර වදින්නේ  නැහැ. එකට හේතුව තමයි ට්‍රාන්ස්ෆොමරයෙන් විදුලිය අඩු වෙන්නේ විද්‍යුත් ප්‍රේරණය මගින් නිසා.

ඉතින් මම අද ඉදිරිපත් කරන, ට්‍රාන්ස්ෆෝමර් නොමැති 12v Power Supply එක වඩාත් යෝග්‍ය වන්නේ Internal Power Supply  එකක් විදියට භාවිතා කිරීමටයි. ඒකට  හේතුව තමයි, පරිපථය පුරාම 230v විදුලිය තිබීම. යම්කිසි උපකරණයකට හෝ යම් පරිපතයකට ස්ථිර විදුලි සැපයුමක් සදහා මෙම ට්‍රාන්ස්ෆෝමර් නොමැති 12v Power Supply එක භාවිතා කරන්න පුළුවන්. උදාහරණයක් ලෙස, ඔබ Door Bell (දොර සීනු ) නිෂ්පාදන වියාපාරයක් කරන්නෙක් නම් එම Door Bell පරිපථය ක්‍රියා කරන්නේ 12v වලින් නම් ඔබට මෙම ට්‍රාන්ස්ෆෝමර් නොමැති 12v Power Supply එක සාදා එම Door Bell පරිපථයටම එකතු කරගන්න පුළුවන්.
 අවශ්‍ය උපාංග

(1) 100 Ohms 1watt Resistor 01
(2) 220 nf(224) 250v Capacitor 01
(3) 470uf  16v Capacitor 01
(4) IN 4004 Diode 02
(5) 12v  1Watt Zener Diode 02

තවද  වාණිජ වශයෙන් යම්කිසි නිෂ්පාදනයක් කරන්නේ නම් ට්‍රාන්ස්ෆෝමර සදහා පිරිවැයක් දැරීමට සිදු නොවීම ඔබට ලොකු වාසියක් වේවි. ඒවගේම ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කරන්නේ නම් ලොකු ඉඩක් අවශ්‍ය වන අතර මෙම පරිපථය ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක සාදා ගත හැකි වීමත් තවත් වාසියක් වනවා.

මෙම Power Supply  පරිපථය පුරාම මෙන්ම, මෙම Power Supply පරිපතයෙන් ඔබ විදුලිය සපයන උපකරණ වල ඇති පරිපත පුරාමත් 230v විදුලිය ඇති බැවින් මෙය භාවිතා කිරීමේදී ඉතාම සැලකිලිමත් විය යුතු බව නැවතත් මම ඔබට මතක් කර සිටිමි. 

No comments:

Post a Comment