ඉතින් අද මම ඔබට ඉදිරිපත් කරන්න හිතුවා, හිරු එලිය මගින් 6v Rechargeable බැටරි චාර්ජ් කල හැකි පරිපථයක්. මෙම බැටරි චාජර් පරිපථයේ විශේෂත්වය තමයි, බැටරිය නියමිත ප්‍රමාණයට ආරෝපණය වූ පසු ස්වයංක්‍රියව, බැටරියට ලැබෙන විදුලිය නැවත දමනවා. එමගින් අධිඅරෝපනය (Overcharge) වීමෙන් බැටරියට සිදුවන හානිය වලක්වා ගත හැකි වනවා. පරිපථයේ ඇති රතු පාට Led බල්බය දැල්වීම මගින්, බැටරිය ආරෝපණය වී අවසන් බව ඔබට දැනගත හැකි වනවා. තවද මේ සදහා 12v සෝලා පැනල් එකක් යොදාගත යුතුයි. LM 317 Regulator IC උපාංගයක් සහ 2N 2222 ට්‍රාන්සිස්ටරයක් පාදක කරගෙන මෙම පරිපථය නිර්මාණය කර ඇති අතර, ඒවායේ pin හදුනාගන්නා ආකාරයද පහතින් ඉදිරිපත් කර ඇත.
Part List
Solar - 12V solar Pannel
C1 - 470uF electrolytic capacitor rated 25V
D1, D2 - 1N5400 or any rectifier diode rated 2A minimum
Dz - 1N5235B or any 6.8V Zener diode
R1 - 3 kilo ohms 1/4Watt
R2 - 330 ohms 1/4Watt
R3 - 560 ohms 1/4Watt
R4 - 2 kilo ohms 1/4Watt
LED -3mm or 5mm Red or any low power LED
Q1 - 2N2222, CS9013, or similar NPN transistor
Bat - 6V Lead Acid Battery
6v Rechargeable Battery




