අපි ඔබ කවුරුත් තමාගේ නිවෙස් වල හා කාර්යාලයේදීත් ඉතා බහුල වශයෙන් ටියුබ් ලයිට් (ප්‍රතිදීප්ත විදුලි පහන්)භාවිතා කරනවා.කාලයක් ගත වන විට මේ ටියුබ් ලයිට් වල ක්‍රියාකාරීත්වය අඩපණ වන එක සාමාන්‍ය දෙයක්.ඔබගේ නිවසේ ඇති සාමාන්‍ය විදුලි පහනක ක්‍රියාකාරීත්වය අඩපණ වූ විට ඔබට පුළුවන් අඩපණ වූ විදුලිපහන ඉවත් කොට එම ස්ථානයට වෙනත් විදුලි පහනක් යොදන්න.එහෙත් ඔබ නිවසේ ඇති ටියුබ් ලයිට් එකක ක්‍රියාකාරිත්වය අඩපණ වුවහොත් ඔබ එක් වරම ටියුබ් බල්බය මාරු කිරීමට පෙර දෙපාරක් සිතිය යුතු වනවා. එයට හේතුව තමයි ටියුබ් ලයිට් සෙට් එකක් ටියුබ් බල්බයට අමතරව තව උපාංග දෙකකින් සමන්විත වීම. ඒ නිසා දෝෂය ඇත්තේ කුමන උපාංගයේද කියා ඔබට එක්වරම තීරණය කරන්නට බැහැ.සාමාන්‍යයෙන් මේ වගේ අවස්ථාවක බොහෝවිට ඔබට සිදු වෙනවා විදුලි කාර්මික ශිල්පියෙකුගේ සහය ලබා ගැනීමට. එහෙත් ඇත්තටම ඔබටත් මෙය පහසුවෙන් කරගන්න පුළුවන්. ඒ කොහොමද කියල මම ඔබට කියල දෙන්නම්.මේ පහත තියෙන්නේ ටියුබ් ලයිට් සෙට් එකක උපාංග.
(1) Tube Light
(2) Choke
(3) Starter
ටියුබ් ලයිට් සෙට් එකක ඇති ඉහත උපාංග වයර් මගින් සම්බන්ධ කර ඇති ආකාරය පහත රුපයෙන් දිස්වේ.
ටියුබ් ලයිට් සෙට් එකක දෝෂ සෙවීම
ටියුබ් ලයිට් සෙට් එකක Choke එක පරීක්‍ෂා කිරීම.
ඉහත රුපයේ ආකාරයට choke එකේ සිට ටියුබ් එකට යන වයරය ගලවා
ටියුබ් ලයිට් සෙට් එකට විදුලිය සපයා, රුපයේ ආකාරයට A යනුවෙන් සදහන් ස්ථානයට
එනම් chock එකෙන් විදුලිය පිටවනවාදැයි ටෙස්ටරය තබා බලන්න.ටෙස්ටරය
දල්වෙනවානම් chock එක හොද තත්වයේ පවතී.(ටියුබ් ලයිට් සෙට් එකට විදුලිය ලබා
දීමේදී රුපයේ ආකාරයට Live වයරය Chock එකටද Nutral වයරය ටියුබ් එකටද වනසේ
සවි විය යුතුයි)
ටියුබ් ලයිට් සෙට් එකක Starter එක පරීක්‍ෂා කිරීම.
ඉහත රුපයේ ආකාරයට starter එක ගලවා ඉවත්කර ටියුබ් ලයිට් සෙට් එකට විදුලිය ලබා දී එම A සහ B ස්ථාන දෙක වයර් කැබැල්ලකින් එක වරම ස්පාර්ක් කරන්න. ටියුබ් ලයිට් එක දැල්වෙනම් වරද Starter එකේය. ටියුබ් ලයිට් එක නොදැල්වෙනම් වරද ටියුබ් බල්බ් එකේය.
ඉහත රුපයේ ආකාරයට starter එක ගලවා ඉවත්කර ටියුබ් ලයිට් සෙට් එකට විදුලිය ලබා දී එම A සහ B ස්ථාන දෙක වයර් කැබැල්ලකින් එක වරම ස්පාර්ක් කරන්න. ටියුබ් ලයිට් එක දැල්වෙනම් වරද Starter එකේය. ටියුබ් ලයිට් එක නොදැල්වෙනම් වරද ටියුබ් බල්බ් එකේය.





