ඔබට මතක ඇති අප මෙම වෙබ් අඩවිය ආරම්භ කල සමයේ, සැටලයිට් ඇන්ටෙනාවක් සවිකරගෙන, ඉන්දියානු රුපවාහිනී නාලිකා 40 පමණ නරබන ආකාරය මම ඔබට ඉදිරිපත් කලා. වර්තමානයේ ඕනෑම සැටලයිට් ඇන්ටෙනා එකක ප්‍රධානතම උපාංගයක් තමයි LNBF එක කියල කියන්නේ..මම මෙහිදී වර්තමානයේ කියල කිව්වේ අතීතයේ LNBF කියල උපාංගයක් නොතිබුන නිසා. LNBF එක වෙනුවට ඒ කාලයේ තිබුනේ, LNB නම් වූ උපාංගයක් සහ Feeder Horn නම් වූ උපාංගයක් තමයි. Feeder Horne එකේ කාර්ය තමයි සැටලයිට් එකේ සිට ලැබෙන තරංග ග්‍රහණය කරගැනීම. මේ සදහා Feeder Horn එක තුල,සිරස් සහ තිරස් අතට Copper Probe දෙකක් සවිකර තිබෙනවා. ඒ වාගේම LNB එකේ කාර්ය තමයි, Feeder Horn එක මගින් ග්‍රහණය කරගත් තරංග මාලාව Local Frequency එකක් බවට හැරවීම. පහතින් මම ඔබට ඉදිරිපත් කර තිබෙන්නේ LNB එකක සහ Feeder Horn එකක රුප දෙකකි.
LNB
Feeder Horn
LNB කියලා කෙටියෙන් භාවිතා වන්නේ, Low Noise Block Converter යන්නයි. ඔබට පෙනෙනවා ඇති මෙම LNB එකෙත් Feeder Horn එකෙත් කුඩා සිදුරු සහිත කොටසක් තිබෙන බව. LNB එකත් Feeder Horn එකත් එකට සවි කරනු ලබන්නේ, සිදුරු සහිත කොටස් දෙක එකට තබා ඇන අධාරයෙනුයි.
පසු කාලීනව මෙම LNB කොටසත් Feeder Horn කොටසත් දෙකම එකට එකතු කර තනි උපාංගයක් නිර්මාණය වුනා. එම උපාංගය හැදින්වුයේ LNBF නමිනි. Low Noise Block Converter with Feeder Horn යන්න කෙටි කර LNBF නමින් වර්තමානයේ භාවිතා වනවා. LNB එකෙන් සහ Feeder Horn එකෙන් සිදු වූ කාර්යන් දෙකම දැන් මෙම LNBF උපංගයෙන් සිදුවනවා.. එනම්,LNBF එකේ කාර්ය වනුයේ සැටලයිට් එක මගින් ලැබෙන තරංග ග්‍රහණය කරගෙන එය Local Frequency එකක් බවට හරවා වයර් මගින් සැටලයිට් රිසීවරයට යොමුකිරීමයි.
සැටලයිට් ඇන්ටෙනා, C Band සැටලයිට් ඇන්ටෙනා සහ Ku Band සැටලයිට් ඇන්ටෙනා ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකක් වන අතර, සැටලයිට් එකේ සිට සැටලයිට් ඇන්ටෙනාවේ LNBF එකට ලැබෙන තරංග මාලාවේ, Frequency එක පදනම් කරගෙන මෙම වර්ග කිරීම සිදුකර ඇත. එම නිසා LNBF ද, C Band LNBF සහ Ku Band LNBF වර්ග .දෙකකි. පහතින් දක්වා ඇත්තේ, C Band LNBF එකක් සහ Ku Band LNBF එකකි.
C Band LNBF
C Band LNBF එකකට, සැටලයිට් එකේ සිට ලැබෙන තරංග මාලාව (Down Link එක ) ගිගා හර්ට්ස් 3.7 - 4.2 GHz අතර වන අතර, එහි Local Frequency එක (Out Put Frequency) මෙග හර්ට්ස් 950 - 1750 MHz අතර වේ.
Ku Band LNBF
Ku Band LNBF එකකට, සැටලයිට් එකේ සිට ලැබෙන තරංග මාලාව (Down Link එක ) ගිගා හර්ට්ස් 10.7 - 13.25 GHz අතර වන අතර, එහි Local Frequency එක (Out Put Frequency) මෙග හර්ට්ස් 975 - 10500 MHz අතර වේ.





