ඔබගේ නිවසේ වතුර ටැංකිය වතුර මෝටරයක් මගින් පුරවනවා නම් ටැංකිය උතුරා යන තෙක් එය පිරී ඇති බව ඔබට බලා ගැන ක්‍රමයක් නැහැ..එම ගැටලුවෙනුත් ඔබව අද නිදසස් කරනවා..මා හදුන්වා දෙන සරල පරිපථය වෙරෝ බෝර්ඩ් කැබැල්ලක අනවශ්‍ය පාත් ඉවත්කර කුඩාවට හදා ගන්න..සෙන්සර් එක ඔබටම හදා ගන්න පුළුවන් නැතිනම් පිටකොටුවේ ඉලෙක්ට්‍රොනික් කඩවලින් ගන්නත් පුළුවන්.මැග්නට් වලට වැඩකරන කුඩා රීඩ් ස්විච් එකක් වැඩේට නියමෙට ගැලපෙනවා..පරිපතයට විදුලිය ලබා දීමට වතුර මෝටරය ට සමාන්තරව යොදන බල සැපයුමක් යොදන්න විට මෝටරය ඔෆ් කලාම එලාම් එක වදින එක නතර වේවි..
සෙන්සර් එක සැකසීම
අඟල් භාගයක් තරම් නලයක එක කෙළවරක් එන්ඩ් කැප් එකෙන් වසන්න.ගැලපෙන ඉපිල්ලක් සකස් කරගන නලයට ඇතුල් කරන්න.වතුර ටැංකියේ වතුර පිටවන නලයට තවත් බට කැබැල්ලක් සවිකර හෝ ටැංකිය තුල සෙන්සරය සවිකරන්න..වතුර ටැංකිය උතුරා යන්න ඔන්න මෙන්න තිබියදී එලාම් එක වදින ලෙස සෙන්සරය සීරු මාරු කර ගන්න..


