ට්‍රාන්සිස්ටර් තුනකින් සහ IC උපාංගයකින් සමන්විත Fire Alarm පරිපථයක් පහතින් ඉදිරිපත්කර තිබෙනවා. පරිපථයේ TH1 ලෙස පෙන්වා ඇත්තේ, 10K Thermistor එකකි. Thermistor එකක් යනු පරිසර උෂ්ණත්වය අනුව ප්‍රතිරෝධය වෙනස්වන උපාංගයකි. යම්කිසි ගිනිගැනීමක් වැනි අවස්ථාවකදී පරිසර උෂ්ණත්වය ඉහල යන විට Thermistor එක සංවේදකය ලෙස ක්‍රියා කර, එලාමය නාද වනු ඇත. BC 558 සහ BC 548 ට්‍රාන්සිස්ටර් දෙක සහ NE 555 IC උපාංගයේ පින් හදුනාගන්නා ආකාරය මිට කලින් පරිපථ වලදී ඉදිරිපත්කර ඇති නිසා නැවත ඉදිරිපත් නොකරන අතර පරිපථයේ ඇති SL 100B ට්‍රාන්සිස්ටරයේ පින් හදුනාගන්න ආකාරය පමණක් පහතින් පෙන්වා ඇත. පරිපථයට සැපයිය යුතු වෝල්ටීයතාවය 6v වේ.
Thermistor



