ඔබ මිලට ගත් Central Locking පද්ධතියේ Actuator හතරක් ඇති අතර, ඉන් Actuator දෙකක වයර් 4 බැගින්ද, අනෙක් Actuator දෙකේ වයර් 2 බැගින්ද ඇත. වයර් 4 ඇති Actuator දෙක වාහනයේ ඉදිරිපස දොරවල් දෙක සදහා සවිකල යුතු අතර, වයර් 2 ඇති Actuator දෙක වාහනයේ පිටුපස දොරවල් දෙක සදහා සවිකළ යුතුවේ. පහත රුපයෙන් පෙන්වා ඇත්තේ Actuator එකක ක්‍රියාකාරිත්වයයි. Actuator එක ක්‍රියාකරනවිට එහි A ලෙස පෙන්වා ඇති කොටස ඉදිරියට සහ පසුපසට ගමන් කරයි. එහි B ලෙස පෙන්වා ඇති කොටස අවශ්‍ය පරිදි කරකවා හැක. ඔබට ලැබී ඇති Actuator Rod එකක් ගෙන A ලෙස දක්වා ඇති කොටසේ ඇති සිදුර තුලින් යවා Actuator Rod එකේ අනෙක් කෙලවර වාහනයේ දොරේ Manual Lock එකේ ලීවරයට සවිකළ යුතුයි. එම සවි කිරීම සදහා අවශ්‍ය ඇන සහිත ගැජට් එකක් ඔබට ලැබෙනු ඇත. ඒවගේම Actuator එක දොරට සවිකිරීම සදහා ඔබට ලැබී ඇති Actuator Fixing Strips භාවිතා කරන්න.
Actuator Fixing Strip සහ Actuator Rod යොදා ගනිමින් Actuator එකක් වාහනයේ දොරට සවිකර ඇති ආකාරය පහත දක්වා ඇති රුප මගින් තව දුරටත් ඔබට අවබෝධ කරගත හැකි වනු ඇත. මේ ආකාරයට වාහනයේ දොරවල් හතරටම Actuator හතර සවි කර ගත යුතුයි.
තවත් කොටසක් බලාපොරොත්තුවන්න....



