අද මම කියලා කියා දෙන්නේ අලුතින් පරිපත අත්හදා බලන කට්ටියට ඉතා වැදගත් පරිපථයක්..මෙම පරිපථය මගින් හිරු එලිය මගින් ආරෝපණය වන බැටරියක් ආධාරයෙන් ස්වයංක්‍රීයව බල්බයක් දල්වන්න පුළුවන්..දවල්ට හිරු එලිය ඇති නිසා බැටරිය ඉබේම ආරෝපණය වෙනවා..රෑට හිරුඑළිය නැති නිසා රිලේ එක අක්‍රිය වීම නිසා බැටරියේ ඇති ධහරාවෙන් බල්බය දැල්වෙනවා..නැවත ආලෝකය ලැබෙන විට බල්බය නිවී බැටරිය ආරෝපණය පටන් ගන්නවා..කුඩා වෙරෝ බෝර්ඩ් කැබැල්ලක අනවශ්‍ය පාත් ඉවත් කරගෙන පරිපථය හදා ගන්න..solar panel එකට 12V 500mA පමණ එකක් යොදන්න.බල්බය සදහා 1 Watt Power LED එකක් යොදන්න.බැටරිය සදහා 6 volt 4.5 Ah rechargeable battery එකක් යොදන්න. .මිදුලේ ආදාරක කණුවක් සිටුවා එහි පැනල එක හා බැටරිය සවිකර බල්බය සවිකලානම් අලංකාර ගෙවතු ආලෝක කරන බල්බයක් ඔබටම තනා ගන්න පුළුවන් වේවි..

