අද මම ඔබට ඉදිරිපත් කරන්නේ තවත් Audio Amplifier පරිපථයක්. මෙම Audio Amplifier පරිපථයේ Out Put එක 7w වනවා. පරිපථය ඉතාම අඩු උපාංග ගණනකින් සමන්විත වීම මෙහි විශේෂත්වයක් වන අතර LM 383 IC උපාංගය පාදක කරගනිමින් මෙම පරිපථය නිර්මාණය කර තිබෙනවා. මෙම Audio Amplifier පරිපථය Car Set සදහාත් CD Player සදහාත් ඉතාමත් යෝග්‍ය වන අතර පරිපථයට සැපයිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 5 ත් වෝල්ට් 20 ත් අතර වුවද, වෝල්ට් 12 සැපයීම ඉතාමත් යෝග්‍ය වනවා. LM 383 IC උපාංගය සදහා Heat Sink යෙදීම අනිවාර්ය වන අතර පරිපථයේ R1 10K ලෙස පෙන්වා ඇත්තේ Volume Controller එකයි. ඕම්ස් 8 වොට් 10 ක පමණ ස්පීකරයක් භාවිතා කරන්න.

