ඇන්ටෙනා සහ බූස්ටර් සෑදීමේදී, ඕම්ස් 75 - 300 බවට හැරවීමටත්, ඕම්ස් 300 - 75 බවට හැරවීමටත්, අපට මැචින් ට්‍රාන්ස්ෆෝමර් භාවිතා කල යුතු වනවා. මෙම මැචින් ට්‍රාන්ස්ෆෝමර් සදා ගැනීමට අවශ්‍ය වන ෆෙරයිට් කෝර් එක සහ කම්බි,අපට වෙළද පොලෙන් මිලට ගත හැකි වුවත්, ගොඩාක් දෙනෙකුට මෙය ඔතා සකස් කරගන්න ආකාරය පිලිබදව නිසි අවබෝධයක් නැහැ.
ඉතින් එම නිසා, ඇන්ටෙනා සහ බූස්ටර් සදහා මැචින් ට්‍රාන්ස්ෆෝමර් ඔතා ගන්නා ආකාරය මම පහතින් ඔබට ඉදිරිපත් කර තිබෙනවා...

