පහතින් දැක්වෙන්නේ ඉතාමත් සරල FM ට්‍රාන්ස්මීටර් පරිපථයකි. 2N 3904 ට්‍රාන්සිස්ටරය පාදක කරගෙන නිර්මාණය කර ඇති මෙම පරිපථය සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය 9v වන අතර ඒ සදහා 9v බැටරියක් භාවිතා කරන්න. පරිපථයේ පෙන්වා ඇති L1 කොයිලය සදහා 22 SWG කම්බියෙන් විෂ්කම්භය මිලිමීටර් 5 වනසේ පොටවල් 5 ඔතා ගන්න. ඇන්ටනාව සදහා අගල් 15 ක පමණ වයරයක් භාවිතා කරන්න.

