පහතින් දැක්වෙන්නේ, රාත්‍රී කාලයට ස්වයන්ක්‍රියව දැල්වෙන සහ පසු දින උදාවත් සමග ස්වයන්ක්‍රියව නිවෙන Night Security Lamp පරිපථයක්. මින් ඉහත පරිපථ දෙකකදීම භාවිතා කල CMOS කාණ්ඩයට අයත් CD 4060 IC උපාංගයම තමයි මෙම පරිපථයටත් භාවිතා කරන්නේ. LDR උපාංගයට ලැබෙන ආලෝකය, ඉහල පහල යාම මත මෙම පරිපථය ක්‍රියාත්මක වනවා. පරිපථයේ බල්බය දැල්විය යුත්තේ කුමන ආලෝක තත්වයකදීද යන්න, පරිපථයේ දක්වා ඇති 100k Pre Set එක මගින් සකසා ගත හැක. ට්‍රාන්ස්ෆෝමරය සදහා 9v මිලිඇම්පියර් 300 පමණ ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කරන්න. BT 136 ට්‍රයැක් උපාංගය සදහා Heat Sink එකක් යෙදීම අත්‍යවශය වේ.
LDR





