Tuesday, February 4, 2020

බිත්ති ලාම්පු සදහා Led විදුලි පහන් එකලස් කිරීම...


Led බල්බය,විදුලි අලෝකකරණයේ සෑම දිශාවකටම තම අනසක පතුරනවා, කිව්වොත් නිවැරදියි. සාමාන්‍යයෙන් බිත්ති ලාම්පු සදහා වැඩි ආලෝකයක් සහිත විදුලි පහන් භාවිතා කරන්නේ නැහැ. එයට හේතු දෙකක් තිබෙනවා. එකක් තමයි, වැඩි ආලෝකයක් සහිත බල්බයක් දැම්මොත් එයින් පිටවන තාපය නිසා බිත්ති ලාම්පුවේ ආවරණයට හානි සිදුවෙන්න තිබෙන ඉඩ කඩ වැඩි වීම. අනෙක් හේතුව තමයි, බිත්ති ලාම්පුවල තිබෙන කුඩා ඉඩ ප්‍රමාණය නිසා විශාල විදුලි ලාම්පු සවි කිරීමට ඉඩ කඩ නැති වීම.

ඉතින් ඒ නිසා අප මෙතෙක් කල් බිත්ති ලාම්පු සදහා භාවිතා කලේ, මම පහතින් පෙන්වා ඇති ආකාරයේ විදුලි පහන් තමයි.ඒ වට කියන්නේ Candle බල්බ් කියල. මෙයද සම්ප්‍රදායික සුත්‍රිකා විදුලි පහනක්. මේවායේ විදුලි පරිබෝජනයද ඉතා ඉහල මට්ටමක තමයි තිබෙන්නේ... ඉතින් මෙම Candle විදුලි පහන් අපට දැන්  Led වලින් එකලස්  කරන්න පුළුවන්.


ඒ වගේම මෙම Led Candle බල්බ්ද, හෝල්ඩර් බේස් එක ලොකු සහ කුඩා වශයෙන් අපට එකලස් කරන්න පුළුවන්. මක් නිසාද යත්, සමහර බිත්ති ලාම්පුවල ලොකු හෝල්ඩර් ද තවත් සමහරක් වල කුඩා හෝල්ඩර් ද ඇති නිසා.

පහතින් මම පෙන්නලා තිබෙන්නේ, කුඩා හෝල්ඩර් බේස් එක සහිත Led Candle බල්බ් එකලස් කිරීම සදහා අවශ්‍ය උපාංග කට්ටලයයි.

එහි බල්බ පාස්සන ප්ලේට් එකට, Led බල්බ් වල + සහ - නිවැරදිව තබා පාස්සා ගන්න. ඒ වගේම ඩ්‍රයිවරයේ + සහ - වයර්ද නිවැරදිව බල්බ සහිත ප්ලේට් එකට පාස්සා ගන්න. තවද ඩ්‍රයිවරය වටේට වයරින් ටේප් ඔතන්නත් අමතක කරන්න එපා. නැත්නම් ඩ්‍රයිවරය ඇලුමිනියම් කොටස තුලදී Short  වෙන්න පුළුවනි.

එකලස් කරන අනුපිලිවෙල ඔබට පහත රුපය තුලින් තව දුරටත් අවබෝධ කර ගත හැක.



ලොකු හෝල්ඩර් බේස් එක සහිත Led Candle බල්බ් එකලස් කිරීම සදහා අවශ්‍ය උපාංග කට්ටලය



මෙම Led Candle  බල්බ්, පහතින් පෙන්වා ඇති ආකාරයේ Chandelier සදහාද භාවිතා කල හැක.





මෙම Led Candle  බල්බ් එකලස් කිරීම සදහා අවශ්‍ය සියලුම උපාංග පහත සදහන් ආයතනයෙන් මිලදී ගත හැක.

Digital Electronics,
First Floor,
Wickrama Plaza,
Colombo 11.

Tel.   011 2321710