අද මම ඔබට කියල දෙන්නම් පරිගණක වල භාවිතා වන CD Rom එකකින් Audio CD Player එකක් සාදා කෙසේද කියලා. මේ සදහා ඔබ භාවිතා කරන CD Rom එකේ Audio Out ස්ථානයක් තිබෙන්න ඕන. ගොඩක් CD Rom වල Audio Out ස්ථානයක් තිබෙන නිසා බොහෝ විට ඔබට එය ගැටළුවක් නොවනු ඇති. පරිගණකය තුලදී CD Rom එකට 5v සහ 12v වෝල්ටීයතාවයන් දෙකක් ලබාදෙනවා. එම නිසා මෙම වෝල්ටීයතාවයන් දෙක CD Rom එකට ලබාදීම සදහා පවර් සප්ලයි පරිපථයක් අප සාදාගත යුතු වනවා.පහතින් තිබෙන්නේ එම පරිපතයයි.
මෙම පරිපථය LM 7812 සහ LM 7805 Regulator IC උපාංග දෙකක් යොදාගෙන නිර්මාණය කර ඇති අතර, ඒවා සදහා හොද Heat Sink යෙදිය යුතුය.
පරිපථයේ ඇති ට්‍රාන්ස්ෆෝමරය සදහා මිලිඇම්පියර් 500 පමණ 16v හෝ 18v ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කල හැක. පරිපථය සාදා ගැනීමෙන් අනතුරුව, CD Rom එකට පරිගණකයේදී සවිකර තිබු පවර් කනේක්ටරය අනුව කහ, රතු, කළු වයර් සවි වුන පින් තුන සොයා ගෙන එම පින් තුනට, මෙම පවර් සප්ලයි එකේ පෙන්වා ඇති කහ, රතු, කළු කරන්න. මෙහිදී පින් මාරු නොවී සවි කලාද යන්න ඔබ විසින් නැවත පරික්ෂා කරන්න. පින් මාරු වී තිබියදී ඔබ විදුලිය සැපයුවහොත් සැනෙකින් CD Rom එක පිලිස්සී යනු ඇත.

දැන් CD Rom එකට Audio CD එකක් දමා CD Rom එකේ Audio Out ස්ථානයට Ear Phone එකක් හෝ ඇම්ප්ලිෆයරයක් සවිකර ශ්‍රවණය කල හැක.