Saturday, December 4, 2021

බහු කාර්ය Led විදුලි පහනක් සාදමු...

 

පහතින් දක්වා තිබෙන්නේ, ඉතාමත් සරල Multi Function Led විදුලි පහනක් සාදාගත හැකි පරිපථයක්. එනම් මෙම විදුලි පහන Night Lamp එකක් ලෙසත්, Soft Room Lamp  එකක් ලෙසත් භාවිතා කරන්න පුළුවන්. මෙහි ඇති Slide ස්විචය එක පසකට දැමුවිට නිල්පාට Led බල්බ 10 දැල්වෙන අතර, එවිට Night Lamp එකක් ලෙස භාවිතා කල හැකි වනවා සේම, මෙහි ඇති Slide ස්විචය අනෙක්  පසට දැමුවිට සුදු පාට Led බල්බ 30 දැල්වෙන අතර, එවිට මෙය Soft Room Lamp  ලාම්ප එකක් ලෙස භාවිතා කල හැකියි. 
ට්‍රාන්ස්ෆෝමරය සදහා මිලිඇම්පියර් 300 ක 12v ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කරන්න. Rectifier Diode හතර සදහා IN 4007 හෝ Bridge Rectifier එකක් හාවිතා කරන්න. ස්විචය සදහා පහතින් පෙන්වා ඇති ආකාරයේ මැද OFF තත්වයේ පවතින 2 way ස්විචයක් භාවිතා කල හැක.