අද මම ඔබට අරගෙන ආවේ ඉතාමත් උසස් තත්වයෙන් යුතු වොට් 60 බලයක් සහිත ට්‍රාන්සිස්ටර් ඇම්ප්ලිෆයර පරිපථයක්. ට්‍රාන්සිස්ටර් හතකින් යුතු, මෙම පරිපථයේ ඇති 2N 3055 ට්‍රාන්සිස්ටර් දෙක සදහා අනිවාර්යෙන්ම Heat Sink යෙදිය යුතු වනවා. මෙම පවර් ඇම්ප්ලිෆයර් පරිපථය සදහා ඕම්ස් 4, වොට් 80 පමණ ස්පීකරයක් භාවිතා කලයුතු අතර, පරිපථය ක්‍රියාත්මක කිරීම සදහා 50v - 60v අතර වෝල්ටීයතාවයක් ලබාදිය හැක. පවර් ඇම්ප්ලිෆයර් පරිපථය සදහා අප මීට කලින් ඉදිරිපත් කරන ලද, Tone Control පරිපථයක් සාදා සවිකිරීමෙන් ඉතා උසස් තත්වයේ ඇම්ප්ලිෆයරයක් නිර්මාණය කරගත හැක.

