අද මම ඔබට අරගෙන ආවේ, 9v බැටරියකින් Led බල්බ 10 ක් ඉතාමත් දීප්තිමත් ලෙස දැල්විය හැකි පරිපථයක්. සාමාන්‍යයෙන් 9v බැටරියකින් Led බල්බ 10 ක් දල්වන්න බැහැ.එහෙත් මෙම පරිපථය සාදා ගත් විට 9v බැටරියකින් Led බල්බ 10 ක් ඉතාමත් දීප්තිමත් ලෙස දැල්විය හැකියි. මෙම පරිපථය ට්‍රාන්සිස්ටරයකින්, රෙසිස්ටර් දෙකකින්, කැපැසිටර් එකකින් සහ කොයිල් එකකින් සමන්විත වනවා. ට්‍රාන්සිස්ටරය සදහා BC 547 හෝ 2N 2222 භාවිතා කළහැකි අතර කොයිලය සකස් කරගැනීම සදහා ත්‍රෙඩ් එකේ විෂ්කම්භය මිලි මීටර් 5 ප්‍රමාණයේ, මිලි මීටර් 25 ක් දිග Nut & Bolt එකක් භාවිතා කල යුතු වේ. 0.25 mm කොයිල් කම්බියෙන්, පළමුව පොටවල් 40 ක් ඔතා ටැප් එකක් තබා, නැවත පොටවල් 200 ක් ඔතා ගන්න.

