Monday, November 6, 2017

ශීතකරණ සදහා පවර් සේවර් උපාංගයක් - 04

අප සාදන මෙම පවර් සේවර් උපාංගය කොටස් දෙකකට බෙදා දැක්විය හැකි අතර, ඒවා නම්, Arduino Micro Control Board එක සහ Driver පරිපතයයි. අපි දැන් මුලින්ම Arduino Micro Control Board එක හදුනාගමු. පහතින් පෙන්වා ඇත්තේ, Arduino Uno වර්ගයේ  Micro Control Board එකකි. 


ඉහතින් පෙන්වා ඇති  Arduino බෝඩ් එකෙහි USB Port එකක් සහ External Power Socket එකක් පෙන්වා ඇත. බෝඩ් එක මිලදී ගන්න විට USB කේබලයක්ද ඔබට ලබා දෙන අතර, ඉදිරියේදී මෙම බෝඩ් එක පරිගණකයෙන් ප්‍රෝග්‍රෑම් කිරීමට මෙම කේබලය අවශ්‍ය වනු ඇත. මෙම බෝඩ් එකෙහි External Power Socket එකක් ඇත්තේ, බෝඩ් එකට පිටතින් විදුලිය සැපයීමටයි. මෙම පවර් සේවර් උපාංගය සැදීමේදීද  මෙම බෝඩ් එකට විදුලිය සපයන්නේ,මෙම External Power Socket  එක ආධාරයෙනි.

තවත් කොටසක් හෙට දිනයේදී....