ඉතින් අද මම කියල දෙන්නම් Led ෆ්ලෑෂ් ලයිට් එකලස් කරන ආකාරය. කෙසේ වෙතත් හරිම කණගාටු දායක කරුනකුත් කියන්න ඕන...මම ගිය සතියේ එක්තරා වෙබ් අඩවියක දැක්කා, Led ෆ්ලෑෂ් ලයිට් හදන හැටි කියලා, Led ස්පොට් ලයිට් එකක් හදන හැටි දාලා තිබුනා.මම වැරැද්ද පෙන්නලා comment කරලා පැයක් යන්නත් කලින් එම පොස්ට් එක ඒ වෙබ් අඩවියෙන් අයින් කරලා තිබුන..අඩුම තරමේ මේ අය Flash සහ Spot යන වචන දෙකේ තේරුම වත් දන්නේ නැහැ.මම පහතින් පෙන්නලා තිබෙන්නේ Led Flash Light එකක් සහ Led Spot Light එකක්..
Led Flash Light
Led Spot Light
මෙම Led Flash Light, වොට් 10,20,50,100 ආදී වශයෙන් අපට එකලස් කරන්න පුළුවන්....පැරණි Flash Light වලට විශාල විදුලි වැයවීමක් සිදු වුවත් මෙම Led Flash Light වල විදුලිය වැය වීම ඉතා පහල මට්ටමකයි පවතින්නේ...
අවශ්‍ය උපාංග
අවශ්‍ය වොට් ප්‍රමාණයේ Led බල්බයක්.
හවුසින් එකක්.(Heat Sink එක,හවුසින් එක සමග ලැබෙනු ඇත)
අදාල වොට් ප්‍රමාණයේ Driver Unit එකක්
ඔබට කරන්න තිබෙන්නේ ඉතාම සුලුදෙයක්..Driver Unit එකේ එක පැත්තක තනිපාට වයර් දෙකක් සහ අනෙක් පැත්තේ පාට දෙකකින් වයර් දෙකක් තිබෙනවා..එම පාට දෙකකින් වයර් තිබෙන පැත්තේ + සහ - Driver එක මත ලකුණු කරලා ඇති. ඒ අනුව එම වයර් දෙක Led බල්බයේ + පාදයට සහ - පාදයට සවි කරන්න. Driver එකේ තනි පාටින් ඇති වයර් දෙකට 230v ලබාදෙන්න.
මෙම සියලුම උපාංග පිටකොටුවේ පළමු හරස් විදියේ ඉලෙක්ට්‍රොනික උපාංග වෙළදසැල් වලින් ලබා ගත හැක.






