පහතින් දැක්වෙන්නේ, සුදු පැහැති Led බල්බ 24 න් යුතු Led Emergency Lamp පරිපතයකි. ට්‍රාන්ස්ෆෝමරයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් වන අතර එම නිසා මෙය ඉතා හුරු බුහුටි ලෙස නිර්මාණය කර ගැනීමට ඔබට හැකිවේවි. මෙහි බැටරිය සදහා 9v රිචාජබල් බැටරියක් යොදා ගන්න පුලුවන්. BD 140 ට්‍රාන්සිස්ටරය පාදක කරගෙන නිර්මාණය කර ඇති මෙම පරිපථයට, සපයා ඇති 230v විදුලිය විසන්ධි වූ විට 9v රිචාජබල් බැටරිය ආධාරයෙන් ස්වයන්ක්‍රියව Led බල්බ දැල්වේ. මෙම පරිපථය පහතින් පෙන්වා ඇති Led බල්බ හවුසින් එකක් තුල සවිකර ගැනීමෙන් ඔබ නිවසේ හෝල්ඩර් එකකටම සවි කල හැකි ඉතා හුරු බුහුටි Led Emergency Lamp එකක් සාදා ගත හැක.
Parts List.
R1 = 1M,
R2 = 10K,
C1 = 1uF/400V PPC,
C2 = 470uF/25V,
D1, D2 = 1N4007,
D3, D4 = 1N5402,
Z1 = 12 V/ 1Watt,
T1 =BD140,
LEDs, White, High Efficiency, 5mm




