ගොඩක් දෙනා මගෙන් අහල එවල තිබුනා අඩු TVL අගයක් දාපු CCTV කැමරා වල රාත්‍රී පෙනීම වැඩි කර ගන්නා අයුරු කියලා දෙන්න කියලා..ඕනා අද ඒ කට්ටියට පිළිතුර ලබා දෙනවා..මේක ඔයාලටම එකලස් කරන්න පුළුවන් පරිපතයක්.වෙරෝ බෝර්ඩ් එකක හෝ LED විදුලි පහන් නිපදවීමට ගන්නා PCB එකක් වුනත් වැඩේට ගැලපෙනවා..එය නිර්මාණ ශීලිව කරගන්නා එක ඔබට බාරයි..විශේෂයෙන් කියන්න ඕනා රාත්‍රී කාලයට CCTV කැමරාවට දැකීමට ආධාර වන පාරජම්බුල කිරණ ඉතා
හොඳින් තිබීම වැදගත්..එම පාරජම්බුල ආලෝකය අපේ ඇසට නොපෙනුනත් CCTV කැමරාවට නම් හොඳින් පෙනෙනවා..එමගින් තමයි අපට රෑට නයිට් විෂන් එක ලබා දෙන්නේ..මෙම උපාංගය පහසුවෙන් ගැලවිය නොහැකි කිසිවකුට නොපෙනෙන ලෙස සවිකිරීමත් වැදගත් වෙනවා..මෙය සවිකර ගැනීමට හොඳම උපකරණයක් තමයි FLASH LIGHT කේසින් එකක්.එය පිටකොටුවෙන් අඩු මුදලට ගන්න පුළුවන්..මම පහත දාල තියෙන පින්තුරේ කොටස් ටික අරගෙන වැඩේ සෙට් කරලා බලන්න..ඔබේ CCTV කැමරාවේ රාත්‍රී පෙනුම දෙගුණ වී පෙනේවී.


