අද මම ඔබට ඉදිරිපත් කරන්නේ තවත් Led Flasher පරිපථයක්. මෙය ඉතා ජනප්‍රිය NE 555 IC උපාංගය පාදක කරගෙන නිර්මාණය කර තිබෙනවා. මෙම පරිපථය ඉතා අවම උපාංග ගණනකින් සමන්විත වීම මෙහි ඇති විශේෂත්වයක් වනවා. පරිපථයේ 220R to 470R ලෙස රෙසිස්ටර් දෙකක් අසල සදහන් කර ඇත්තේ, 220 ඕම්ස් සහ 470 ඕම්ස් අතර ඕනෑම ඕම්ස් ප්‍රමාණයක රෙසිස්ටර් දෙකක් ඒ සදහා භාවිතා කල හැකි බවයි. පරිපථය ක්‍රියා කරවීම සදහා 6v සිට 9v දක්වා වූ වෝල්ටීයතාවයක් ලබාදිය හැක. NE 555 IC උපාංගයේ පින් හදුනාගන්නා ආකාරයද පහතින් ඉදිරිපත් කර ඇත.


