ඔබ අන්තර්ජාලය භාවිතා කරන අයකු නම්, බොහෝ විට Flash Player එක Update කරගැනීමට සිදුවන්නට ඇති. අන්තර්ජාලයේ ඇති යම් යම් Video, Flash Banners ආදිය බැලීමට අපට උදව් වන්නේ අප Install කරගෙන ඇති Flash Player එකයි. Flash Player එක update කරන විට මෙවන් ගැටළු දෙකකට ඔබ මුහුණ දී තිබේද? එනම් Flash Player එක update කරන විට අතරමග නතර වුනාද? එසේත් නැත්නම් Flash Player එක update කරන විට Flash File Corruption Error ලෙස Message එකක් ආවාද?
මම ඉහත කි ගැටළු දෙක ඇතිවන්නේ ඔබගේ පරිගණකයේ Install කර ඇති වයිරස් ගාඩ් එක නිසා බව මතක තබා ගන්න. මෙම ගැටලුවෙන් මිදී ඉතා පහසුවෙන් Flash Player එක update කරගැනීමට නම්, ඔබ Flash Player එක update කරන අවස්ථාවේදී වයිරස් ගාඩ් එක තාවකාලිකව deactivate කර Flash Player එක update කරන්න. එවිට එම ගැටළු මග හැරෙනු ඇත. Quick Launch අයිකන් අතර තිබෙන වයිරස් ගාඩ් අයිකන් එක හරහා පිවිසීමෙන්, වයිරස් ගාඩ් එක තාවකාලිකව deactivate කර ගත හැක.

