Monday, August 23, 2021

Automatic Garden Lamp...

 

අද මම ඔබට ඉදිරිපත් කරන්නේ අදුර වැටීමත් සමග ස්වයන්ක්‍රීයව දැල්වෙන සහ නැවත එලිය වැටීමත් සමග ස්වයන්ක්‍රීයව නිවී යන විදුලි පහනක්.මෙම පරිපථයේදී අපට අලුත් උපාංග තුනක්  හමුවනවා. එකක්  තමයි LDR උපාංගය.එනම් Light Depend Resistor එක,අනෙක් උපාංගය තමයි SCR උපාංගය. තුන්වනුව අපට හමුවන අලුත් උපාංගය Preset උපංගයයයි. මෙම පරිපථය සම්පුර්ණයෙන්ම LDR උපාංගය මත  පදනම්ව ගොඩනැගෙන්නක්.ඉතින් මේ හරහා ඔබට තවත් හොද අවස්ථාවක් ලබාගන්න පුළුවන්. ඒ තමයි,මෙම පරිපථය අත්හදාබැලිමට පමණක් සීමා නොකොට මෙම පරිපථය  සාදා වෙළද පොලට වුවද ඉදිරිපත් කල හැක.230v වලින් වැඩ කරන ඕනෑම විදුලි පහනක් මෙම පරිපථය හරහා දැල්විය  හැක.ඔබගේ නිර්මාණශීලි හැකියාව ප්‍රයෝජනයට ගෙන මෙම පරිපථය කුඩා ආවරණයක් තුල සවිකර ඒ මතම හෝල්ඩරයක්ද සවිකර,වෙළද පොලට පවා ඉදිරිපත්කල හැකි ආකාරයේ ඉතා හුරුබුහුටි නිමාවක් ලබාගත හැක.
   අවශ්‍ය උපාංග. 
* IN 4007 Rectifier 01
* 4.7 Mega Ohms Preset 01
* LDR 01
* BT 151 SCR 01
මෙම පරිපථය ගොඩනැගීමේදී ඔබ ඉතාමත් සැලකිලිමත් විය යුතු කරණය නම්,මෙම LDR උපාංගයට ආලෝකය වැටෙන සේ පරිපථය සැලසුම් කිරීමයි.මක් නිසාද යත්,LDR උපාංගයට වැටෙන ආලෝකය අනුව,LDR උපාංගයේ ප්‍රතිරෝධය ඉහල පහල යාම මත මෙම පරිපථය ක්‍රියාත්මක වන නිසාවෙනි.

LDR උපාංගයක සාමාන්‍ය පෙනුම.
Preset උපාංගයක සාමාන්‍ය පෙනුම.
SCR  උපාංගයක සාමාන්‍ය පෙනුම.
පහත රූපය අනුව SCR උපාංගයේ පාද හදුනාගන්න.
මෙම පරිපථය ක්‍රියාත්මක කරනවිට පරිපථය පුරාවටම 230v විදුලිය ඇති බැවින් ඉතා ආරක්ෂාකාරීව කටයුතු කිරීම ඔබගේ වගකීමක් වනු ඇත.