මයික්‍රො කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑම් කරමින්
යම් යම් දේ අත්හදා බැලීමට වර්තමානයේ බොහෝ දෙනෙකුට විශාල උනන්දුවක් ඇතිවී
තිබේ. අතීතයේ මෙය තරමක් සංකීර්ණ කාරණයක් වුවද, ආඩුඊනෝ මයික්‍රො කන්ට්‍රෝලර්
ප්‍රෝග්‍රෑම් ක්‍රමය පැමිණීමත් සමග මෙය පහසු කටයුත්තක් වී තිබේ. ඉතින්
නිරන්තරයෙන්ම නවතම තාක්‍ෂණික දැනුමෙන් සැමදාමත් ඔබව පෝෂණය කල Prestar වෙබ්
අඩවිය, ලංකාවේ පළමු වතාවට ආඩුඊනෝ මයික්‍රො කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑම් කිරීම,
පාඩම් මාලාව මෙසේ ආරම්භ කළෙමු.
මයික්‍රො කන්ට්‍රෝලර් එකක් යනු කුමක්ද?
මයික්‍රො කන්ට්‍රෝලර් එකක් යනු,
ප්‍රොසෙසරයක්, රැම් එකක්,මෙමරි උපාංගයක්, Clock එකක් සහ කන්ට්‍රෝල්
යුනිට් එකකින් සමන්විත ඒකකයකි. පරිගණක වැඩසටහනකින් ලබා දෙන විදානයන්ට
අනුව, මෙම මයික්‍රො කන්ට්‍රෝලර් ක්‍රියාත්මක කල හැක.
කර්මාන්ත ශාලා තුල ඇති යන්ත්‍ර සුත්‍ර,
වාහන, රොබෝ යන්ත්‍ර,ගුවන් යානා ආදියෙහි යම් යම් කාර්යන් ස්වයන්ක්‍රියව
සිදුවන්නේ මයික්‍රො කන්ට්‍රෝලර් භාවිතයෙනි. තවද, අප නිවසේ එදිනෙදා භාවිතා
කරන, වොෂින් මැෂින්, මයික්‍රෝවේව් අවන්, ශීතකරණ ආදියේත් ස්වයංක්‍රිය
ක්‍රියාකාරිත්වය ඇතිකර තිබෙන්නේ, මෙම මයික්‍රො කන්ට්‍රෝලර් ආධාරයෙනි. තවද,
ෆැක්ස් යන්ත්‍ර, ප්‍රින්ටර්ස්, ස්කෑනර්ස් සහ සෙල්ලම් බඩු ආදියෙහි ද
මයික්‍රො කන්ට්‍රෝලර් භාවිතාවේ. ඉතාමත් සරලව කිවහොත් ස්වයං
ක්‍රියාකාරිත්වයක් සහිත ඕනෑම ඉලෙක්ට්‍රොනික උපකරණයක මෙම මයික්‍රො
කන්ට්‍රෝලර් භාවිතා වේ.
අවශ්‍ය උපාංග...
(1) Arduino Board එකක් (uno වර්ගයේ)
(2) USB Cable එකක්.
(4) Jumper Cable කිහිපයක්.
==============================================
ආඩුඊනෝ මයික්‍රෝ කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑම් කිරීම - 02
ආඩුඊනෝ මයික්‍රෝ කන්ට්‍රෝලර් බෝර්ඩ් වර්ග කීපයක් ඇති නිසා, ආඩුඊනෝ UNO වර්ගයේ බෝර්ඩ් එකක් මිලට ගැනීමට ඔබ මතක තබාගත යුතු වනවා. මෙම ආඩුඊනෝ UNI වර්ගයේ බෝර්ඩ් එකක් රු.1150 පමණ මුදලකට ඔබට මිලට ගත හැකි වනවා. තවද, මෙම බෝර්ඩ් එක මිලට ගන්න විට USB කේබල් එකද ඔබට ලබා දෙනවා.
ඒවාගේම බ්‍රෙඩ් බෝර්ඩ් එක මිලට ගැනීමේදී, උසස් තත්වයේ බ්‍රෙඩ් බෝර්ඩ් එකක් මිලට ගැනීමට ඔබ උත්සුක විය යුතුයි. ඉතාමත් උසස් තත්වයේ බ්‍රෙඩ් බෝර්ඩ් එකක් රු. 390 පමණ ඔබට මිලට ගත හැකි වනවා. අවශ්‍ය වන Jumper Cable 40 පමණ අඩංගු බන්ඩලයක් රු. 200 පමණ මුදලකට ඔබට මිලට ගත හැකි වනවා. ඉතින් අපට මෙම කාර්ය ආරම්භ කිරීමට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වන්නේ මෙම උපාංග ටික තමයි. මෙම සියලුම උපාංග, දිවයිනේ ප්‍රධාන නගර වල ඇති ප්‍රමුඛ පෙලේ ඉලෙක්ට්‍රොනික උපාංග වෙළද සල් වලින් ඔබට මිලට ගත හැකි වනවා ඇති. ඒවගේම පිටකොටුවේ Unitech Trading ආයතනයෙන්ද මෙම උපාංග මිලට ගත හැක.
Unitech Trading (pvt) Ltd,
No. 15,
1st Cross Street,
Colombo 11.
Tel..011 2334100, 011 2395847, 011 4736590
===============================================
ආඩුඊනෝ මයික්‍රෝ කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑම් කිරීම - 03
===============================================
ආඩුඊනෝ මයික්‍රෝ කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑම් කිරීම - 03
===============================================
ආඩුඊනෝ මයික්‍රෝ කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑම් කිරීම - 04
පහතින් ඉදිරිපත් කර ඇති රූපයෙන් Arduino Board එකක කොටස් හදුන්වාදී තිබෙනවා. අප Arduino Board එක USB කේබලය ආධාරයෙන් පරිගණකයට සම්බන්ධ කලවිට පරිගණකයෙන් යම් වැඩසටහනක් Arduino Board එකට ඇතුලත් කිරීම USB කේබලය හරහා සිදුවන අතරම, Arduino Board එකට විදුලිය සැපයීමද USB කේබලය හරහාම සිදුවේ. Arduino Board එකට යම් වැඩසටහනක් ඇතුලත් කල පසු USB කේබලය ගලවා, Arduino Board එකට පිටතින් විදුලිය සැපයීමට ඔබට අවශ්‍ය නම්, Arduino Board එකේ ඇති DC Power Socket එකට පිටතින් විදුලිය සැපයිය හැක. 7v සිට 12v දක්වා වූ වෝල්ටීයතාවයක් මෙයට ලබාදිය හැක.
Arduino Board එකට USB කේබලය හරහා පරිගණකයෙන් හෝ පිටතින් විදුලිය සැපයු විගස, Arduino Board එක මත ඇති කොළ පැහැති Led බල්බයක් දැල්වෙන අතර එය Arduino Board එක නිසිආකාරයෙන් ක්‍රියාකරන බව තහවුරු කරන අතර, Arduino Board එක මත කහ පැහැති Led බල්බයක් නිවෙමින් දැල්වෙමින්, Arduino Board එකේ යම් වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් පවතින බව තහවුරු කරයි. Arduino Board එක මත ඇති අනෙකුත් අයිතමයන් පිළිබදව ඉදිරියේදී ඒවා භාවිතා කරන අවස්ථාවන් වලදී ඔබට පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන අතර, ඊලග පාඩමෙන් Arduino Board එකට අදාල Software එක Download කර Install කරන ආකාරය ඉදිරිපත් කරමි.
===============================================ආඩුඊනෝ මයික්‍රෝ කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑම් කිරීම - 05
අද මම ඔබට ඉදිරිපත් කරන්නේ, Arduino Board එකට අදාල Software එක Download කරගෙන Install කරගන්නා ආකාරයයි. ඒ සදහා ම පහතින් පෙන්වා ඇති ලින්ක් එක ක්ලික් කර Arduino වෙබ් අඩවියට පිවිසෙන්න.
Software එක Download වූ පසු, පරිගණකයේ Download ෆෝල්ඩරයේ ඇති Arduino ෆයිල් එක Double ක්ලික් කර Arduino Software එක Install කර ගන්න. ඉන්පසු පහත පෙන්වා ඇති ආකාරයට Desktop එකේ ඇති Arduino අයිකනය ක්ලික් කර Software එක ඕපන් කරගත හැක.
Arduino Board එකට අදාල Drivers Install කරගන්නා ආකාරය ඊලග පාඩමෙන් බලාපොරොත්තු වන්න.
===============================================
ආඩුඊනෝ මයික්‍රෝ කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑම් කිරීම - 06
අද මම ඔබට ඉදිරිපත් කරන්නේ, Arduino Board එකට අදාල Drivers Install කර ගන්නා ආකාරයයි. මේ සදහා ඔබ Arduino Board එක USB කේබල් එක මගින් පරිගණකය හා සම්බන්ධ කල යුතුයි. ඉන් පසු My Computer අයිකන් එක රයිට් ක්ලික් කරකර ලැබෙන මෙනුවේ Properties ක්ලික් කරන්න. එවිට පහත පරිදි සිස්ටම් වින්ඩෝ එක Open වේවි.
දැන් එහි Hardware යන්න ක්ලික් කරන්න. එවිට පහත වින්ඩෝ එක Open වනු ඇත. දැන් එහි ඇති Device Manager යන්න ක්ලික් කරන්න.
එවිට Device Manager වින්ඩෝව Open වන අතර, පහත පෙන්වා ඇති පරිදි, Arduino Uno ලෙස සදහන් ස්ථානය රයිට් ක්ලික් කර ලැබෙන මෙනුවේ Update Driver යන්න ක්ලික් කරන්න.
ඉන්පසු ලැබෙන වින්ඩෝ එකෙන් Browse ක්ලික් කර ඔබගේ පරිගණකයේ Program Files වල Arduino ෆයිල් එක තුල ඇති Drivers ක්ලික් කර Browse කර Install කරගන්න. ඊලග පාඩමෙන් Software Settings සකසන ආකාරය බලාපොරොත්තුවන්න.
===============================================
ආඩුඊනෝ මයික්‍රෝ කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑම් කිරීම - 07
මම අද ඔබට කියල දෙන්නම් Arduino Board එකට අදාලව Software Settings සකසන්නේ කෙසේද කියලා. මුලින්ම Arduino Board එක ඔබේ පරිගණකය හා සම්බන්ධ කර, ඔබගේ පරිගණකයේ Desktop එකේ ඇති Arduino අයිකනය Double Click කරන්න. එවිට පහත පරිදි Arduino Software එක ඕපන් වේවි. මෙය හදුන්වන්නේ , Environment Page ලෙසිනි. අප යම්කිසි වැඩසටහනක් සෑදීමට කේත ලියන්නේ මෙම Environment Page එක තුලයි. ඉන්පසු එම කේත Arduino Board එකට Upload කරනු ලැබේ. ඒවා සිදුකරන කරය ඉදිරියේදී ඉදිරපත් කරනු ලැබේ.
Software Settings සැකසීමේදී අප මුලින්ම කලයුත්තේ අදාල Port එක තෝරා ගැනීමයි. ඒසදහා ඉහත රුපයේ පෙන්වා ඇති ආකාරයට Tools ක්ලික් කර Port යන්න සිලෙක්ට් කරන්න. එවිට පෙන්වන සබ් මෙනුවේ, Arduino Uno ලෙස සදහන්ව ඇති පොර්ට් එක සිලෙක්ට් කරන්න.
මීලගට අප Software එක තුලින් අදාල Board එක තෝරාගත යුතුයි. ඒ සදහා, Tools ක්ලික් කර Board යන්න සිලෙක්ට් කරන්න. අප භාවිතා කරන්නේ,Arduino Uno බෝර්ඩ් එකක් නිසා, එවිට ලැබෙන සබ් මෙනුවේ, Arduino Uno යන්න සිලෙක්ට් කරන්න. දැන් අප සියලුම මුලික සැකසුම් කර අවසන් වන අතර, මින් ඉදිරියට Environment Page එකට පිවිසෙන වාරයක් පාසා මෙම සැකසුම් කිරීම අවශ්‍ය නොවේ. Environment Page එක තුල කේත ලියා Upload කරන ආකාරය ඊලග පාඩමෙන් බලාපොරොත්තු වන්න.
===============================================
ආඩුඊනෝ මයික්‍රෝ කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑම් කිරීම - 08
අපි අද බලමු කෝඩ් එකක් ලියලා, එය මයික්‍රෝ කන්ට්‍රෝලය වෙත අප්ලෝඩ් කර එය ක්‍රියාත්මක වන ආකාරය ගැන. මෙම විෂයට ආධුනික ඔබ සදහා මෙම ක්‍රියාපටිපාටිය සිදුවන්නේ කෙසේද යන්න පිලිබදව අවබෝධයක් ලබා ගැනීම සදහා, දැනට සපයා ඇති කෝඩ් එකක් වෙනස් කරමින් එය සිදු කරන ආකාරය මම මුලින්ම ඉදිරිපත් කරමි. ඔබ Arduino බෝඩ් එක පරිගණකයට සම්බන්ධකල පසුව, එහි නිවෙමින් දැල්වෙමින් ඇති කහ පැහැති බල්බයෙහි නිවී තිබෙන කාලය සහ දැල්වී තිබෙන කාලය වෙනස් කරමින් ඔබට මෙම අත්හදබැලීම කරන්නට පුළුවනි. ඒ සදහා, Arduino බෝඩ් එක පරිගණකයට සම්බන්ධ කර, Arduino Software එක ඕපන් කරගන්න. දැන් File --- Examples --- 01.Basics --- Blink යන්න සිලෙක්ට් කරන්න. එවිට පහතින් පෙන්වා ඇති වින්ඩෝ එක ලැබෙනු ඇත.
එහි delay (1000 ) ලෙස ඉහලින් සදහන්ව ඇත්තේ, Arduino බෝඩ් එක මත ඇති කහ පැහැති බල්බය දැල්වී තිබෙන කාලය වන අතර, එහි delay (1000 ) ලෙස පහලින් සදහන්ව ඇත්තේ, Arduino බෝඩ් එක මත ඇති කහ පැහැති බල්බය නිවී තිබෙන කාලයයි. මෙහි 1000 ලෙස සදහන්ව ඇත්තේ මිලි තත්පර වලිනි. මිලි තත්පර 1000 ක් යනු තත්පර එකකි. එනම් දැනට ඔබේ Arduino බෝඩ් එක මත ඇති කහ පැහැති බල්බය තත්පර එකක කාලයක් දැල්වී තිබෙන බවත්, එකක කාලයක් නිවී තිබෙන බවත් ඔබට පෙනෙනු ඇත. දැන් අපි මෙම කාලය වෙනස් කර එය මයික්‍රෝ කන්ට්‍රෝලය වෙත අප්ලෝඩ් කර බලමු. ඉහලින් ඇති delay (1000 ) යන්න 5000 ලෙස වෙනස් කරන්න. ඉන්පසු පහලින් ඇති delay (1000 ) යන්න 2000 ලෙස වෙනස් කරන්න. දැන් මෙම අගයන් මයික්‍රෝ කන්ට්‍රෝලය වෙත අප්ලෝඩ් කිරීම සදහා ඉහත පෙන්වා ඇති Upload බට්න් එක ක්ලික් කරන්න. Upload වී අවසාන වූ පසු, පහතින් Done Uploading යන්න දිස්වනු ඇත.
දැන් Arduino බෝඩ් එක මත ඇති කහ පැහැති බල්බය තත්පර 5 ක කාලයක් දැල්වී තිබෙන බවත්, තත්පර 2 ක කාලයක් නිවී තිබෙන බවත් ඔබට දැක ගන්නට පුළුවන් වේවි. යම් විදියකින් ඔබ කාලය වෙනස් කල ආකාරයට බල්බය නොදල්වේ නම් Software හෝ Drivers නිසි ආකාරව Install නොවී තිබෙන්නට පුළුවනි. එසේ වුව හොත් ඒවා නැවත Install කරන්න. මේ ආකාරයට ඔබට කැමති පරිදි කාලය වෙනස් කරමින් මෙය අත්හදා බලන්න. මෙය තවදුරටත් වීඩියෝ දර්ශන මගින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.
==========================================
ආඩුයිනෝ මයික්‍රෝ කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑම් කිරීම - 09
මම ඔබට ආඩුයිනෝ මයික්‍රෝ කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑම් කිරීම 08 පාඩමෙන් ඉදිරපත් කලා, බ්ලින්කින් වැඩසටහනේ කාලය වෙනස් කරමින්, ආඩුයිනෝ බෝඩ් එක මත ඇති කහ පැහැති Led බල්බය දැල්වී තිබෙන කාලය සහ නිවී තිබෙන කාලය වෙනස් කල හැකි බව. මම දැන් පහත video එකෙන් පෙන්වන්නම් එය සිදුකරන ආකාරය.

===========================================
ආඩූයිනෝ මයික්‍රෝ කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑම් කිරීම - 10
ආඩූයිනෝ මයික්‍රෝ කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑම් කිරීම - 09 පාඩමෙන් මම ඔබට ඉදිරිපත් කලා, Blink වැඩසටහනේ කාලය වෙනස් කරමින්, Arduino Board එක මත ඇති කහ පැහැති Led බල්බය දැල්වී තිබෙන කාලය සහ නිවී තිබෙන කාලය වෙනස් කරන ආකාරය. මම අද ඔබට ඉදිරිපත් කරන්නේ Arduino Board එක මත ඇති කහ පැහැති Led බල්බයට අමතරව පිටතින් Led බල්බයක් සවි කර දල්වන ආකාරයයි. පහත රුපයේ ආකාරයට Arduino Board එකේ GND පින් එක Led බල්බයේ (-) පින් එකට සවි කරන්න. එසේම Arduino Board එකේ 13 වන පින් එක 1K රෙසිස්ටරය හරහා Led බල්බයේ + පින් එකට සවි කරන්න. දැන් Arduino Board එක USB කේබලය මගින් පරිගණකයට සවි කරන්න. ඔබ ලබා දුන් කාලය අනුව Led බල්බය දැල්වෙන සහ නිවෙන කාලය නිරීක්ෂණය කරන්න.

windows 7 os eketh me software eka hodata run wenwada?
ReplyDeleteow.windows 7 eketh,windows 8 eketh hodata run wenawa.
Delete