අද මම ඔබට අරගෙන ආවේ කුඩා Led බෝඩ් එකක් සාදාගන්න ආකාරයයි. මෙහි අකුරු හතක ඕනෑම වචනයක්, ගමන්කරන ආකාරයට Display කරන්න පුළුවන්. ඒ වගේම මෙය සදහා IC ප්‍රෝග්‍රෑම් කරන්න අවශ්‍ය වන්නේත් නැහැ.ඔබට ඉතා හුරු පුරුදු NE 555 සහ CD 4017 IC උපාංග භාවිතා කර ඔබට මෙම පරිපථය සාදාගන්න පුළුවන්. තවද, අකුරු වලට යොදන Led බල්බ සමාන්තර ගත ලෙස සම්බන්ධ කරන්න.
පරිපථය විශාලනය කර බැලීම සදහා පරිපථය මත Click කරන්න.
පරිපථය සාදාගත් පසු, 9v විදුලියක් ලබාදී පරිපථය ක්‍රියාත්මක කල හැක. VR 1 ලෙස සදහන්ව ඇති 100 K Preset එක මගින් අකුරු ගමන් කරන වේගය අඩු වැඩි කල හැක. අකුර සදහා Led බල්බ අමුණන පුවරුව ලෙස කළු පැහැති පුවරුවක් භාවිතා කරන්නේ නම් අකුරු වඩාත් පැහැදිලිව දර්ශනය වනු ඇත.
පරිපථයේ ඇති 2N 3053 ට්‍රාන්සිස්ටර් වල පින් හදුනාගන්න ආකාරය පහතින් ඉදිරිපත් කර ඇත.



