Monday, August 30, 2021

USB Powered Amplifier එකක් හදමු...

 

අද මම ඔබට ඉදිරිපත් කරන්නේ, පරිගණකයක USB Port එකෙන් විදුලිය සපයා ක්‍රියාත්මක කල හැකි ඉතා උසස්  තත්වයේ Amplifier පරිපථයක්. USB Port එකෙන් විදුලිය සපයන නිසා, ඔබට ලෙහෙසියෙන්ම පරිගණක සදහා භාවිතා කල හැකි Speaker Set එකක් හදාගන්න පුළුවන්. TDA 2822M IC උපාංගය පාදක කරගෙන මෙම Amplifier පරිපථය නිර්මාණය කර ඇති අතර, ස්පිකර් දෙක සදහා, ඔම්ස් 4, වොට් 1 ප්‍රමාණයේ ස්පිකර් දෙකක් භාවිතා කරන්න. මෙම පරිපථය සහ TDA 2822M IC උපාංගයේ සාමාන්‍ය පෙනුම සහ එහි පින් හදුනාගන්න ආකාරය පහතින් ඉදිරිපත් කර ඇත.


පරිපථයේ VR 1 සහ VR 2 ලෙස පේනවා ඈත්තේ, 47K Stereo Volume Control එකකි. එනම් එකම spindle එක කරකවන විට Volume Control දෙකම කරකැවේ. පහතින් පෙන්වා ඇත්තේ Stereo Volume Control එකකි.
පරිපථයේ පෙන්වා ඇති පරිදි, Stereo Jack එකක් මගින් පරිපථය, පරිගණකයේ Audio Out ස්ථානයට සවි කරන්න.එය වඩාත් පැහැදිලිව පහතින් ඉදිරිපත් කර ඇත.
තවද USB Jack එකක් පරිපතයට සවි කරගන්න ආකාරයද පහතින් පෙන්වා ඇත. එහි අවශ්‍ය වන්නේ 1 සහ 4 යන පින් දෙක පමණි.