මම මීට ලිපියකින් ඔබට ඉදිරිපත් කළා රිලේ උපාංගයක් ක්‍රියා කරන ආකාරය.ඉතින් මම හිතනවා ඒ ගැන ඔබට ඉතාමත් හොද අවබෝධයක් ඇතැයි කියා... එම නිසා අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ඔබගේ නිවසේ හෝ වෙනත් ඕනෑම ස්ථානයක විදුලිය ඇනහිටී අවස්ථාවක ස්වයන්ක්‍රියව දැල්වෙන Emergency Lamp එකක් සාදා ගන්න ආකාරයයි. රිලේ උපාංගයක් ආධාරයෙන් ක්‍රියාත්මක වන මෙම Emergency Lamp එක විදුලිය ඇනහිටී අවස්ථාවක ස්වයන්ක්‍රියව දැල්වෙනවා මෙන්ම නැවත ප්‍රධාන විදුලිය ලැබුණු විගස ස්වයන්ක්‍රියව නිවී යාමත් සිදුවනවා.
ඒවගේම මෙම Emergency Lamp එකේ ඇති Led බල්බ දැල්වෙන්නේ 6v රිචාජබල් බැටරියකින් බව ඔබට පෙනෙනවා ඇති. ප්‍රධාන විදුලිය තිබෙන අවස්ථාවේදී පරිපතය ආධාරයෙන් මෙම 6v රිචාජබල් බැටරිය චාර්ජ් වන අතර විදුලිය ඇනහිටී විගස,රිලේ උපාංගය ක්‍රියාත්මකවී 6v රිචාජබල් බැටරියේ විදුලියෙන් පරිපතයට සම්බන්ධ Led බල්බ 6 දැල්වෙනු ඇත. පහතින් මෙම පරිපතය ඉදිරිපත්කර ඇති අතර පරිපතයේම උපාංග වල අගයන් සදහන් කර ඇති නිසා නැවත වෙනම උපාංග ලැයිස්තුවක් ඉදිරිපත් නොකරමි.
මෙම පරිපථය ඇද ඇත්තේ විදුලිය ඇනහිටි අවස්ථාවක් නිරුපනය වන ආකාරයට වන අතර එම නිසා රිලේ උපකරණයේ Common අග්‍රය, NC Contact Point එක හා සම්බන්ධ වී බැටරියේ විදුලියෙන් බල්බ දල්වනු ලබයි. නැවත විදුලිය ලැබුණු විගස රිලේ උපාංගයේ Common අග්‍රය NO Contact Point එක හා සම්බන්ධ වූ විගස බැටරියේ විදුලියෙන් බල්බ දැල්වීම නතර වන අතර නැවත බැටරිය ආරෝපණය වීම ආරම්භවනු ඇත.



