පහතින් තිබෙන්නේ BA 5406 IC උපාංගය මගින් නිර්මාණය කරන ලද Stereo Amplifier පරිපථයකි. එක චැනල් එකකින් 5w බැගින් චැනල් දෙකෙන් 10w Out Put මෙයින් ලබාගත හැක. ඉතාම අඩු උපාංග ගණනකින් සමන්විත මෙම පරිපථය ඔබට ඉතාම පහසුවෙන් එකලස් කරගත හැකියි. R5 සහ R6 ලෙස පරිපථයේ පෙන්වා ඇත්තේ Volume Control එක වන අතර ඒ සදහා 22K Stereo Volume Control එකක් භාවිතා කරන්න. වොට් 5 ට වැඩි 4 ඕම්ස් ස්පිකර දෙකක් භාවිතා කල හැකි අතර, පරිපථය සදහා ලබාදිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 12 කි. IC උපාංගය සදහා Heat Sink එකක් යෙදීමටද අමතක නොකරන්න.


