Wednesday, March 18, 2015

Led තොරන් බල්බ එකලස් කිරීම.

අපේ රටේ වැඩියෙන්ම විදුලි ආලෝක සැරසිලි කරන්නේ මැයි මාසයේ කියල අපි ඔබ කව්රුත් දන්නවා...ඒ වෙසක් උත්සවය ඉලක්ක කරගෙන.ඉතින් මේ කාලයට වෙලදපොලේ වැඩිම ඉල්ලුමක් තිබෙන බල්බයක් තමයි 5w බල්බ්.එහෙමත් නැත්නම් මේ බල්බය ගොඩක් ප්‍රචලිත වෙලා තියෙන්නේ තොරන් බල්බ් කියල.. මෙම බල්බයට කොපමණ ඉල්ලුමක් තිබෙන වැඩ කියල කිව්වොත් වෙසක් දිනය වන විට මෙම බල්බයක් කඩේක සොයාගන්න වත් නැති තරම්.
සාමාන්‍යයෙන් මේ තොරන් බල්බ් වල ආවරණය විදුරු වලින් තමයි නිමවල තියෙන්නේ. ඇතුලේ තිබෙන්නේ සම්ප්‍රදායික පිලමන්ට් එකක්.
නමුත් Led විදුලි බල්බ වේගයෙන් ජනප්‍රිය වීමත් සමගම මෙම තොරන්  බල්බත් දැන් Led වලින් එකලස් කරන්න පුළුවන්. ඒ සදහා දැන්  ප්ලාස්ටික් වලින් නිමවන ලද බල්බ ආවරණයක්ද  වෙළද පොලේ තිබෙනවා... ඉතින් මම අද කියල දෙන්නම් කොහොමද Led තොරන් බල්බයක් එකල කර ගන්නේ කියලා...

අවශ්‍ය උපාංග

* 47 uf  400v කැපසිටර්  -  01
* 100 uf  16v  කැපසිටර්  -  01
*  IN  4007  ඩයෝඩ්( රෙක්ටිෆයර් )  -  02
* 1 M ඕම්ස්‌  රෙසිස්ටර්  -  01
* 1 K  ඕම්ස්‌  රෙසිස්ටර්  -  01
*  ඕනෑම  පාටක  Led බල්බ්  -  02

 47 uf  400v කැපසිටර්

 100 uf  16v  කැපසිටර් 

IN  4007  ඩයෝඩ්( රෙක්ටිෆයර් )

 1 M ඕම්ස්‌  රෙසිස්ටර්

 1 K  ඕම්ස්‌  රෙසිස්ටර් 

ඕනෑම  පාටක  Led බල්බ්

 උපකරණ හදුනාගැනීම 
.47 uf  400v කැපසිටර් එකෙහි, කැපසිටර් එක මත 474  400v  යනුවෙන් සදහන්ව ඇත. 474 යනු කෝඩ් එකකි. මෙහි පාද  දෙකක් ඇති අතර + - භේදයක් නොමැත.

100 uf  16v  කැපසිටර් එකෙහි 100 uf  16v ලෙස එහි බදෙහි  සදහන්ව ඇති අතර මෙහි පාද දෙකක් වේ. දිග පාදය + පාදය වන අතර කොට පාදය - පාදය වේ. - පාදය අසල බදෙහි ද - ලකුණ සදහන් කර ඇත.

 IN  4007  ඩයෝඩ්( රෙක්ටිෆයර්)   -  02 හි IN  4007 ලෙස සටහන්ව ඇති අතර මෙහි පාද  දෙකකි. එහි බදෙහි සුදුපාට වර්ණ තීරුවක් ඇති  පැත්තේ පාදය  + පාදය වන අතර අනෙක් පාදය - පාදය වේ.

1 M ඕම්ස්‌  රෙසිස්ටර් එකෙහි එහි අගය සදහන්ව ඇත්තේ වර්ණ තීරු මගිනි.එම වර්ණ තීරු  දුබුරු,කලු,කොළ ලෙස සටහන්ව ඇති අතර පාද දෙකෙහි + - භේදයක් නොමැත.

1 K ඕම්ස්‌  රෙසිස්ටර් එකෙහි එහි අගය සදහන්ව ඇත්තේ වර්ණ තීරු මගිනි.එම වර්ණ තීරු  දුබුරු,කලු,රතු  ලෙස සටහන්ව ඇති අතර පාද දෙකෙහි + - භේදයක් නොමැත.

Led බල්බ් වල දිග පාදය + පදය වන අතර කොට පාදය - පාදය වේ.
එය පහත රුපයෙන් තවත් පැහැදිලි කර ගන්න.

                                                              පරිපථය

   Led තොරන් බල්බ එකලස් කිරීම Video මගින්
 


 උපාංග ලබාගත හැකි ස්ථාන...
 බල්බ ආවරණ විවිධ වර්ණ වලින් මිලදීගත හැක.