Tuesday, May 25, 2021

Automatic Light Controller...


තවත් Automatic Light Controller පරිපථයක් පහතින් ඉදිරිපත් කර තිබෙනවා. එනම් මෙම පරිපථයේ ඇති LDR එකට ආලෝකය වැටීමත් සමගම පරිපථයේ රිලේ උපාංගය හරහා සවිකර ඇති බල්බය නිවී යන අතර, LDR එකට අදුර වැටීමත් සමගම එම බල්බය නැවතත් දැල්වෙනු ඇත. BC 557 සහ BC 547 ට්‍රාන්සිස්ටර් දෙක පරිපථයේ ප්‍රධානතම උපාංග  දෙක ලෙස හදුන්වන්න පුළුවන්. LM 7806 පරිපථයේ Voltage Regulator එක ලෙස ක්‍රියා කරන අතර, VR1 470K Preset මගින්, බල්බය දැල්විය යුතු ආලෝක තත්වය සකසා ගත හැක.  ට්‍රාන්ස්ෆෝමරය සදහා මිලිඇම්පියර් 250 පමණ 12v ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කල යුතු අතර රිලේ උපාංගය සදහාද 12v රිලේ උපාංගයක් යොදාගන්න.තවද පරිපථයේ ZD1 ලෙස පෙන්වා ඇත්තේ, 8.2v සෙනර් ඩයෝඩ් එකකි.