Thursday, May 3, 2018

රුපවාහිනී ඇන්ටෙනා තාක්‍ෂණය (03)


ෆෝල්ඩඩ් ඩයිපෝලය.

පහත රුපයේ E වලින් පෙන්වා ඇති ආකාරයට, තරංගයක සයිකලයක දිගෙන් බාගයක ප්‍රමාණයට ඩයිපෝලයේ දෙකෙළවර සිටිනසේ ඇලුමිනියම් බටයක් නවාගෙන සාදා ගන්නා  ඩයිපෝලය, ෆෝල්ඩඩ් ඩයිපෝලය නම් වේ. එහි B වලින් පෙන්වා ඇත්තේ ඩයිපෝලයේ දෙකෙළවර ඇති පරතරයේ, ඉම්පිඩන්ස් එකයි. එය ඕම්ස් 300 වශයෙන් දක්වා ඇත.ඒවාගේම පහත රුපයේ H වලින් පෙන්වා ඇත්තේ, ෆෝල්ඩඩ් ඩයිපෝලයේ විකිරණ පැට්න් එක පිහිටන ආකාරයයි. තවද පහත රුපයේ G වලින් පෙන්වා ඇත්තේ, ෆෝල්ඩඩ් ඩයිපෝලයට ඇන්ටෙනා වයරයක් සවිකර ඇති ආකාරයයි.


අප කලින් පාඩමෙන් ඉගෙනගත් Half wave Dipole එකෙහි දෙකෙළවර ඇති පරතරයේ ඉම්පිඩන්ස් එක ඕම්ස් 75 ක් වේ.එනම් ඕනෑම  Half wave Dipole එකකට පහතින් පෙන්වා ඇති ආකාරයේ ඕම්ස් 75 Coaxial  ඇන්ටෙනා වයරය කෙලින්ම ඩයිපෝලයට සවිකල හැක.


ඒවාගේම, අප මෙම පාඩමෙන් ඉගෙනගත්  ෆෝල්ඩඩ් ඩයිපෝලයේ දෙකෙළවර ඇති පරතරයේ ඉම්පිඩන්ස් එක ඕම්ස් 300 ක් වේ. එනම්,ඕනෑම ෆෝල්ඩඩ් ඩයිපෝලයකට පහතින් පෙන්වා ඇති ආකාරයේ ඕම්ස් 300 පැතලි ඇන්ටෙනා වයරයක් කෙලින්ම  ඩයිපෝලයට සවිකල හැක.

යම්කිසි අවස්ථාවක Half wave Dipole එකකට, ඕම්ස් 300 පැතලි ඇන්ටෙනා වයරයක් සවි කරන්නේ නම්, ඩයිපෝලයේත් ඇන්ටෙනා වයරයේත් ඉම්පිඩන්ස් මැච් කිරිම සදහා පහතින් පෙන්වා ඇති ආකාරයේ Matching Transformer එකක් භාවිතා කල යුතු වේ. එනම්, Matching Transformer එකේ ඕම්ස්‌ 75පැත්ත ඩයිපෝලයටත්, Matching Transformer එකේ ඕම්ස් 300 පැත්ත පැතලි  ඇන්ටෙනා වයරයටත් සවිකළ යුතුවේ.

තවද,යම්කිසි අවස්ථාවක Folded  Dipole එකකට, ඕම්ස් 75 ඇන්ටෙනා වයරයක් සවි කරන්නේ නම්, ඩයිපෝලයේත් ඇන්ටෙනා වයරයේත් ඉම්පිඩන්ස් මැච් කිරිම සදහාද  පහතින් පෙන්වා ඇති ආකාරයේ Matching Transformer එකක් භාවිතා කල යුතු වේ. එනම්, Matching Transformer එකේ ඕම්ස්‌ 300 පැත්ත ඩයිපෝලයටත්, Matching Transformer එකේ ඕම්ස් 75 පැත්ත Coaxial ඇන්ටෙනා වයරයටත් සවිකළ යුතුවේ.


 තවත් කොටසක් බලාපොරොත්තුවන්න....