5W Stereo ඇම්ප්ලිෆයරයක් හදමු...
අද මම ඔබට ඉදිරිපත් කරන්නේ IC උපාංගයක් සහ තවත් උපාංග කිහිපයක් උපයෝගී කරගෙන 5W Stereo ඇම්ප්ලිෆයරයක් සාදාගත හැකි පරිපතයක්..ඔබට අනෙක් උපාංග හුරු පුරුදු ඇති කියා මම සිතනවා. එම නිසා මෙම IC උපාංගය ගැන මම ඔබට පැහැදිලි කරන්නම්. මෙම TA 7227P කියන IC උපාංගය බොහෝ Car Stereo Set වල භාවිතා කර තිබෙන IC උපාංගයක්. මෙම IC එක Pin දොළහකින් සමන්විත වන අතර IC එකේ වම් පස කෙලවරේ සිට පිලිවෙලින් පින් ගණනය කරගත යුතුයි. Pin ගණනය කල යුතු පැත්ත කවාකාර මාර්ක් එකකින් පෙන්වා ඇත. පරිපථය ක්‍රියාත්මක කිරීමේදී මෙම IC උපාංගය රත්වන හෙයින් එම රස්නය අවසෝෂණය කරගැනීම සදහා ICඋපාංගයට Heat Sink එකක් සවි කල යුතුයි. Heat Sink එක සදහා ඇලුමිනියම් තහඩුවක් වුවද සවි කල හැක. IC උපාංගයේ දෙපැත්තේ ඇති සිදුරු භාවිතා කරමින් කුඩා Nut & Bolt ආධාරයෙන් IC එකට Heat Sink එක සවි කරන්න.
Heat Sink එකක්
මෙම පරිපතයට සැපයිය යුතු වෝල්ටීයතාවය 13.2v ලෙස සදහන් වුවද මේ සදහා 12v වෝල්ටීයතාවයක් හොදටම ප්‍රමාණවත් වේ. 13.2v ලෙස සදහන්ව ඇත්තේ කුමක් නිසාද යන්න මම ඔබට පැහැදිලි කරන්නම්..මම ඔබට කලින් කිව්වා මෙම පරිපථය බොහෝ Car Stereo Set වල භාවිතා කරනවා කියල. වාහනයක තිබෙන්නේ 12v බැටරියක්...මෙම බැටරිය charge වන්නේ වාහනයේ ඇති ඕල්ටනේටරයෙන්...12v බැටරියක් 12v වලින්ම charge කරන්න බැහැ.එම නිසා ඕනෑම වාහනයක ඕල්ටනේටරයෙන් 13.2v වෝල්ටීයතාවයක් ලබා දී තමයි වාහනයේ 12v බැටරිය charge කරන්නේ. එනම් වාහනයේ එන්ජිම ක්‍රියාත්මක අවස්ථාවක වාහනයේ විදුලි පද්ධතියේ වෝල්ටීයතාවය 13.2v වන නිසා තමයි මෙම පරිපතයේත් 13.2v කියල සදහන් කරලා තිබෙන්නේ..
පරිපථය සාදා ගැනීමෙන් පසුව SP යනුවෙන් සදහන් ස්ථාන දෙකට ඔම්ස් 4 ස්පීකර් දෙකක් සවි කරන්න. V+ සහ V - ස්ථානයට් 12v වෝල්ටීයතාවයක් ලබා දෙන්න.පරිපථයේ L , R , සහ Earth යනුවෙන් ඇති ස්ථාන තුනට රුපයේ ඇති ආකාරයට RC Jack Base දෙකක් සවි කර Audio Cable එකක් මාර්ගයෙන්, ගුවන් විදුලි යන්ත්‍රයක හෝ TV එකක හෝ Audio Out ස්ථානයට සවි කරන්න. දැන් ඔබට ඔබගේ ඇම්ප්ලිෆයරයේ ස්පීකර් දෙකෙන් ශබ්දය විශාලනය වී ඇසේවි. මෙම ශබ්දයේ ගුණාත්මක බව (Quality) ඔබ භාවිතා කල ස්පීකර් දෙකේ උසස් බව මත රදා පවතීවි.
RC Jack Base
Audio Cable
4 ohms, 4 or 5 Inch Speakers
ඔබ මෙම 5W Stereo ඇම්ප්ලිෆයරය සාදා ඇම්ප්ලිෆයරයක ක්‍රියාකාරිත්වය පිළිබද හොද අවබෝධයක් ලබාගන්න.මක් නිසාද යත්,උත්සාහ ගත හොත් වෙළද පොලට පවා ඉදිරිපත් කල හැකි කුඩා ඇම්ප්ලිෆයරයක් සහිත නවතම උපකරණයක් මම ලගදීම ඔබට ඉදිරිපත් කරනවා..මේ දවස් වල එම උපකරණයට සුදුසු ආවරණයක් සැකසීමේ කටයුතු තමයි සිදුකරමින් පවතින්නේ...




