අද ඉදිරිපත් කරන්නේ, ඉතාමත් සරල ට්‍රාන්සිස්ටර් ටෙස්ටරයක් සාදාගන්නා ආකාරයයි. මෙම ට්‍රාන්සිස්ටර් ටෙස්ටරය මගින් NPN සහ PNP යන ට්‍රාන්සිස්ටර් වර්ග දෙකම පරික්ෂා කල හැකි අතර, පරිපථය සදහා, 6v ට්‍රාන්ස්ෆෝමරයක් මගින් විදුලිය සැපයිය හැක. පරික්ෂා කලයුතු ට්‍රාන්සිස්ටරයේ B,C,E පාද තුන, පරිපථයේ ඇති B,C,E ස්ථානයන්ට පිලිවෙලින් සවි කල විට, ට්‍රාන්සිස්ටරය හොද ක්‍රියාකාරිත්වයේ පවතී නම් පරිපථයේ ඇති කොළ පාට හෝ රතු පාට Led එක දල්වෙනු ඇත. ඔබ පරීක්‍ෂා කලේ NPN ට්‍රාන්සිස්ටරයක් නම්, කොළ පාට Led එකද, ඔබ පරීක්‍ෂා කලේ PNP ට්‍රාන්සිස්ටරයක් නම්, රතු පාට Led එකද දැල්වෙනු ඇත. පරිපථයේ S1 ලෙස ඇත්තේ, රොටරි ස්විචයක් වන අතර, එමගින් ඔබ පරීක්ෂා කරන ට්‍රාන්සිස්ටරය ලැබිය යුතු Base වෝල්ටීයතාවය තෝරාගත හැක.
Rotary Switch


