Sunday, May 9, 2021

විදුලි උපකරණ වල ආරක්ෂාවට පවර් ගාඩ් එකක් සාදමු...

 

අද මා ඔබට අරගෙන ආවේ තවත් ඉතාමත් වටිනා පරිපථයක්. ඒතමයි පවර් ගාඩ් පරිපථයක්. තවත් විදියකින් කියනවා නම් Overload Protection Circuit එකක්. මෙම පරිපථය BC 148 ට්‍රාන්සිස්ටර් දෙකකින්ද NE 555 IC උපාංගයකින්ද සමන්විත වන අතර ඔබට නුහුරු උපාංගයකට ඇත්තේ, OPT1 ලෙස පරිපථයේ පෙන්වා ඇති MCT2E ඔප්ටොකප්ලර් උපාංගය පමණි. පරිපථය සාදා 230v Load ලෙස පෙන්වා ඇති ස්ථානයට විදුලි උපකරණයක් සවි කර,පරිපථයට විදුලිය සැපයු විට, එම විදුලි උපකරණය ක්‍රියාත්මක වන අතර යම් හෙයකින් ජාතික විදුලි පද්ධතියේ වෝල්ටීයතාවය 230v වලට වඩා වැඩි වුවහොත් ස්වයංක්‍රියව විදුලි උපකරණයට සැපයෙන විදුලිය පරිපථයේ රිලේ උපාංගය මගින් නවතා දමනු ඇත. එවිට පරිපථයේ ඇති රතු පැහැති Led එකද දැල්වෙනු ඇත. එම Led එක Overload Indicator එක ලෙස ක්‍රියා කරයි.















පරිපථය සදහා 12v රිලේ උපාංගයක් භාවිතා කරන්න.පරිපථයේ S1 ලෙස පෙන්වා ඇති Push to Switch එක මගින් පරිපථය නැවත Reset කර ගත හැක. පරිපථය සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය වලට් 12 කි. ඒ සදහා Power Pack එකක් භාවිතා කල හැක.

Optocoupler