අද මම ඔබට අරගෙන ආවේ තවත් 6w Audio Amplifier පරිපථයක්. ඉතාම අඩු උපාංග ගණනකින් මෙම පරිපථය ගොඩනගා ගැනීමට හැකි වීම මෙහි ඇති විශේෂත්වයක් වනවා. TDA 2613 IC උපාංගය යොදා ගනිමින් නිර්මාණය කර ඇති මෙම පරිපථය සදහා 15v සිට 24v දක්වා වූ ඕනෑම වෝල්ටීයතාවයක් ලබාදිය හැකි අතර, කිසිම විටෙක 24v වලට වඩා වැඩි වෝල්ටීයතාවයක් ලබාදීම සිදු නොකළ යුතුයි. ස්පීකරය සදහා 10w ඕම්ස් 8 ස්පීකරයක් භාවිතා කරන්න. පරිගණක සදහා Sound System එකක් සාදා ගැනීමට මෙම Audio Amplifier පරිපථය වඩාත් යෝග්‍ය වේ.

